HIS LIFE

4.2K 364 25
                                    

__ Someone pov __

" මගේ ජීවිතේ " ඒක ගැනද මං මේ කියන්න යන්නේ ?? නෑ මං තාම මගේ ජීවිතේ මොකක්ද කියලා දන්නේ නෑ... ඒක ලස්සනද? නැත්තම් අවාසනාව පිරිලා තියෙන් එකක්ද ? කාලකන්ණි එකක්ද ? හහ්... තාම අවුරුදු දහ අටයි.. ඒත් අවුරුදු දහයේ ළමයෙක් දැක්ක ලෝකෙවත් මං තාම දැකලා නැතුව ඇති..... අඩුම තරමේ මං සෝල්වල බාගයක්වත් දැකලා තියෙනවද ?? නැහැ.. අඩුම තරමේ මං මේ ඉස්පිරිතාලෙන් එලියටත් දැකලා තියෙනවද ??? නෑ නේද ??? ඉතින් මං අවාසනාවන්ත යි නේද ??

ලොකුම විහිළුව මගේ මුලු ජීවිත කාලයම ගෙවන්නේ රෝද පුටුවක වුන එක... කොච්චර සල්ලි තිබ්බත් නිදහස් කියන එක නැත්තම් ජීවිතෙන් වැඩක් තියෙනවද ?? ආදරයක් නැති ජීවිතෙන් වැඩක් තියෙනවද ?? බලාගෙන ගියාම මං තමයි මේ ලෝකේ ඉන්න ලොකුම අවාසනාවන්තයා.....

ජියෝන් ජන්කුක් ඒ කියන්නේ
මම... ලොකුම ලොකු විහිළුවක් විතරයි..

_________________________________________

Jeon Jungkook POV.....

( Age 18 )

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.

( Age 18 )

අවුරුදු හතරෙදී වෙච්ච අනතුරක් නිසා.. මට මගේ මුලු පවුලම නැති වුණා.... ඒ අනතුර නිසා මං අවුරුදු දාහතරක්ම අබ්බගාතයෙක් වෙලා ඉන්නවා.. ඉනෙන් පහල පන නැති ළමයෙක් නිසා මගේ නෑදෑයෝ මාව අයින් කලේ එයාලට අනවශ්‍ය කරදර විදින්න ඕනේ නැති නිසා.. ඒත් මගේ අප්පාගේ කෝටී ගානක දේපළ වල තනි අයිතිය මට ලැබුණම... මගේ මාව භාරගත්තා... නෑ එයා මාව බලෙන් ලගට අරගත්තා...

මාව හොදට කරනවා කියලා.. දැන් අවුරුදු පහකට කලින් මාව මේ ඉස්පිරිතාලේ තනි කරලා එයා යන්න ගියා.. එදා ඉදන් මං මේ ඉස්පිරිතාලේ උඩම තට්ටුවේ තනියෙන් කාමරයකට වෙලා දුක් විදිනවා...

𝐒𝐭𝐨𝐫𝐲 𝐎𝐟 𝐓𝐡𝐞 𝐖𝐡𝐞𝐞𝐥𝐜𝐡𝐚𝐢𝐫 🌼✔️Onde as histórias ganham vida. Descobre agora