18

1.1K 274 55
                                    

__Third person pov__

පාක් බංගලාව පුරා පොලිස් බටයන්ගෙන් පිරී ගියේ ඔවුන්ගේ ප්‍රධානියා වූ හෝසොක් ඔවුන්ව මෙහෙය වද්දී.... වියරුවෙන් කෑ ගසන කාන්තාව සහ ඇගේ පියා පොලිස් රථයට ගොඩ වූ සැනින් එය එතනින් පිටත්ව ගියා... ඊට පසු පාක් බංගලාවේ විශාල ගේට්ටු තුලින් පිට වූවේ ගිලන් රථයක්... එය ඉතා කලබලකාරී තත්වකයක් වුනා...

නමුත් සැබෑවටම සිදුවූවේ කුමක්ද ??

.
.
.

__Falsh back__

" ජීසූ !!!!! මං උඹව මරනවා බැල්ලි !!! මං තෝව මරනවා !!!!! " ටේහියොන් වියරුවෙන් කෑ ගසන්නට වූවේ ජීසුව කේන්ති ගන්නවලා...

" ටේ ඔප්පා !!! මං ඔයාගේ බේබි නෙවෙයිද ඔප්පා ?? ඔයාව අයිති මට ප්‍රින්ස්.... ඒක නිසා මේ අනාථයා වෙනුවෙන් කදුලු හලන එක නවත්වන්න !!! " ජීසු බෙරිහන් දුන්නේ උමතුවෙන් වගේ.... නමුත් එක්වරම පොලිස් රථයක සයිරන් නාද ඇසුනේ පාක් වගේම ජීසුවත් කලබලයට පත් කරලා....

" ප්...පොලිසිය ??? උඹලා පොලිසීයට කතා කලාද ??? " ජීසු ප්‍රශ්නාර්ථ බැල්මක් ටේහියොන් වෙත හෙලද්දී මෙතරම් වෙලා නිහඩව සිටි හෝසොක් මහ හඩින් හිනා වෙන්න ගත්තා....

" හහ් හහ් හාහාහා !!!! පොලිසිය එන්න දෙයක් නෑ බේබී..... Police is already here 😂 " හෝසොක් හිනා වේවී කියද්දි ජීසු ඒ දෙස බලා සිටියේ මේ මොන කුනුහර්පයක්ද මේ කියන්න කියලා අහන්න වගේ... ඒත් ඉතින් එතනින් කතාව නොනැවතු හෝසොක් ඔහුගේ කතාව දිගටම පවත්වාගෙන ගියේ ඒ කැකිරි පැලෙන හිනා හඩ මැදින්... 😂

" අනේ ජීසු ජීසු !!! ඇයි යකෝ ඔයා දන්නෙ නැද්ද මමයි මේ පැත්ත බාර පොලිස් ලොක්කා කියලා ??? උඹ මගේ ඒරියා එකට බැහැලා මට හොරින් කලර්ස් පෙන්වන්න හැදුවා වැඩි හොදේ... අනික ඒකත් මගේ මල්ලිටයි එයාගේ පුංචි හුරතලේටයි.... "

" මො...මොකක් !!! මොනාද මේ උඹ කියවන්නේ ??? " කලබල වුන ජීසුව මගහැරිය හෝසොක් කාමරයේ දොර දෙස බලා ගනන් කරන්න පටන් ගත්තා....

" One , Two , Three , surprise !!!! "

💥💥💥

ඒ හඩක් එක්ක කාමරයේ දොරත් කඩාගෙන පොලිස් බටයන් පිරිසක් ඒ තුලට ආවේ හතර දෙනෙක් ගොස් පාක්වද පොලිස් කාන්තාවන් දෙදෙනෙක් ගොස් ජීසුවද අල්ලාගනිදදී...

𝐒𝐭𝐨𝐫𝐲 𝐎𝐟 𝐓𝐡𝐞 𝐖𝐡𝐞𝐞𝐥𝐜𝐡𝐚𝐢𝐫 🌼✔️Where stories live. Discover now