02

1.4K 312 21
                                    

__Taehyung pov__

මං දැන් කොරියාවට ඇවිත් මාසයක් වෙනවා... මීට අවුරුදු පහකට කලින් මට මගේ උපන් රට දාලා යන්න වුනේ දොස්තර කෙනෙක් වෙන්න තිබ්බ හීනේ හැබෑ කරගන්න ඕනේ නිසා... කොරියාවේ ඉන්න කාලේ මගේ ලගින්ම හිටපු හොදම යාලුවෝ තුන්දෙනා තමයි ජින් ජිමින් යුන්ගි කියන්නේ.. අපි අදුරන්නේ හයි ස්කූල් කාලේ ඉදලා.. ඒත් අපිට මීට අවුරුදු පහකට කලින් වෙන් වෙන්න වුනේ මගේ අප්පා මාව හයි ස්ටඩීස් වලට ඇමෙරිකා යැව්ව නිසා.. ඒ නිසාම මට යුන්ගිගෙයි ජිමින්ගෙයි වෙඩින් එකට ඉන්නත් බැරි වුනා.. දැන් එයාලත් මැරි කරලා මාස හයක් වෙනවා.. මට ඒ දෙන්නා ගැන හරිම සතුටුයි... මොනා වුනත් ඒ දෙන්නා මැරි කරනවා කිව්වම මං නම් ටිකක් පුදුම වුනත් ජින් හියුන් කිව්වේ " උබට තේරුනේ නැති වුනාට ටේ... මට නම් මුන් දෙන්නා මුල් ඉදලම තනියෙන් මල් කඩනවා තමයි කියලා තේරුනා .. " කියලා..

මං දැන් කොරියාවට ඇවිත් මාසයක් වෙනවා... හොස්පිටල් එකේ වැඩත් එක්ක මං මාර විදිහට පහුගිය මාසෙම බිසී වුනා.. ඒත් ඉදලා ඉදලා නිවාඩුවක් හම්බුන ගමන්.. මං ගියේ මගේ අතිජාත පූස් මිත්‍රයා යි..එයාගේ අගුටුමිටි හස්බන්ඩ්වයි බලන්න..

හම්ම්ට!! උන් දෙන්නගේ ගෙදර ගියාම මට හිතුනේ මං වැරදිලා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගෙදර ට ඇවිත් කියලා.. ඒක ඒ තරම්ම ලස්සනයි වගේම ලොකු යි.. මොනා වුනත් යුන්ගි කියන්නේ තනියෙන් ජීවිතේ ගොඩදාගන්න ට්‍රයි කරන කොල්ලෙක්.. එයා තනියෙන්ම එයාගේම කියලා බිස්නස් එකක් ගොඩනගා ගත්තෙත් ඒ නිසාමයි... එයා දැන් ඉන්න තත්වේ දැක්කම මට හරි ආඩම්බරයි...

ගෙදරට ගියපු ගමන් අර කොට ජීවිතේ මගේ ඇගට කඩාගෙන පැන්නේ.. මගේ කොන්දේ ඉල ඇට දෙක තුනක් කඩලා දාලා... මොනාවුනත් ඒ වෙනුවට දුන්න ස්ටෝබෙරි මිල්ක් ශේක් එකේ රසනම් කියලා වැඩක් නෑ.. මං ඒකේ අන්තිම උගුර වෙනකම්ම බීලා දැම්මේ ඒ නිසා..

මං ඇත්තටම පුදුම වුනා... ඔව් මං ගොඩක් පුදුම වුනා.. ජිමින්ට බාල සහෝදරයෙක් ඉන්නවා කියලා දැනගත්තාම... ඒත් මට පෙනුන විදිහට ජිමින් එයාට පුදුම විදිහට ආදරෙයි.. මට සතුටු හිතුනේ ජිමින්ට නම් එයාගේ අප්පාගේ නරක ගතිගුණ ඇවිත් නොතිබුන එකට....

𝐒𝐭𝐨𝐫𝐲 𝐎𝐟 𝐓𝐡𝐞 𝐖𝐡𝐞𝐞𝐥𝐜𝐡𝐚𝐢𝐫 🌼✔️Where stories live. Discover now