07

1.4K 310 40
                                    


" රිපෝට්ස් එක කෝ .... " මිස්ටර් පාක් ඔහුගේ කාර්යාලයේ දොර විවෘත කර පැමිණි චෝයිගෙන් ප්‍රශ්න කලා....

" මේ තියෙන්නේ මිස්ටර් පාක්.... " චෝයි පාක්ගේ මේසය මතින් ෆයිල් කවරයක් තබමින් කතාකලා... " ඒත් මිස්ටර් පාක්.. මං හිතන්නේ අපි හිතන විදිහටම වැඩේ වෙලා නෑ වගේ.... " චෝයි හිස දෙපසට වනමින් තම කණගාටු ව ප්‍රකාශ කලා...

" Oh I see... හහ්.... මූ එහෙනම් අපි දීපු බෙහෙත් අරගෙන නෑ... ඒකනේ මේකේ තේරුම??? " පාක් ඇසුවේ කට කොනින් සිනා සී.. චෝයි ද එය පිළිගන්නට මෙන් ඔලුව ඉහල පහල වැනුවේ ය....

" හහ් මෙතන ලොකුම ප්‍රශ්නේ... That motherfucker Kim Taehyung!! තමයි... ඌ මහ රස්තියාදුකාරයෙක් වගේ... කොහොම ඩොක්ටර් කෙනෙක් උනාද මංදා... " චෝයි තොල් අතරට ගත් සිගරට්ටුව දල්වමින් පැවසුවා...

" ඌත් මේවට මැදිහත් වුනේ... අර මගේ පවුකාර අවජාතකයා නිසා... ඌ මූට කියලා ඇති... ජන්කුක් ගැන හොයන්න කියලා... " පාක් වයින් වීදුරවකට වයින් වත්කරමින් කියා සිටියා... නමුත් ඔහූ මද මේලාවක් වයින් වීදුරුවේ දෙස බලමින් කල්පනා සාගරයේ කිමිදෙන්න වුයේ.. අද සවස් යාමේ ඔහු දුටු සිදුවීම නිසාවෙනි... " මං හිතන්නේ ටේහියොන් අර අනාථයට කැමැත්තෙන්ද කොහෙද ඉන්නේ.... " වයින් වීදුරුවෙන් උගුරක් පානය කල පාක් කතා කලා...

" නොකිව්වට මටත් ඕක කලින් හිතුනා... " චෝයි සිගරට්ටුව තොල් වලින් ඉවත් කොට කීවා...

" අපිට ඉක්මනටම මේක ඉවරයක් කරලා දාන්න වෙනවා...බෙහෙත් බිව්වේ නැති වුනාට මොකද... කෑම වලට හරි දාලා දෙනවා.. තේරුනාද??? " පාක්ගේ වචන වලට චෝයි හිස වැනුවා..

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

" පැටියෝ !! " ටේහියොන් ජන්කුක්ගේ කාමරයට තම ඔලුව විතරක් දමා කතා කලා... ටේහියොන් දුටු සැනින් ජන්කුක්ගේ මුවේ ඇදී තිබූ සිනහව ටේහියොන්ගේ සියලුම ප්‍රශ්න අමතක කරන්නට සමත් වුනා...

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.
𝐒𝐭𝐨𝐫𝐲 𝐎𝐟 𝐓𝐡𝐞 𝐖𝐡𝐞𝐞𝐥𝐜𝐡𝐚𝐢𝐫 🌼✔️Onde as histórias ganham vida. Descobre agora