04

1.3K 310 23
                                    

__jungkook pov__

ගැඹුරු කටහඩේ අයිතිකාරයා.. එයා හෝ ගාලා කෑ ගහනවා..ඒත් එක්කම වෙනදට මාව චෙක් කරන්න ඕන ඩොක්ටර්ගෙ කටහඩ මට ඇහුනා... ටිකකින් මගේ රූම් එකේ දොර අගුල කැරකෙනවා මට ඇහුනේ කාමරයට ඇතුල් වෙන කෙනාට මං මගේ සම්පූර්ණ අවධානය දෙන්න හැරෙද්දී...

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

අනේ දෙවියනේ!!

මේ ඇත්තම මනුස්සයෙක් ද?? ඒත් මේ වගේ කඩවසම් මිනිස්සු මේ ලෝකේ ඉන්න පුලුවන්ද??

එයාව දැක්ක පාර මගේ මූණට කොහෙන්දෝ ආව සීතල හුලං පාරක් වැදුනේ නිකං මාව පාවෙනවා වගේ කියලා මට දැනෙද්දී... හුලං පාරනම් බැල්කනි එකේ දොර ඇරලා තිබ්බ නිසා වෙන්න ඇති එන්න ඇත්තේ... ඒත් ඇයි මට නිකං දැනෙන්නේ මගේ කන් දෙපැත්තේ කවුරු හරි වයිලීන් ප්ලේ කරනවා වගේ කියලා...

" සර් මේ පාක් ජන්කුක් " මාව වෙනදට චෙක් කරන ඩොක්ටර් එහෙම කිව්වම ගැඹුරු කටහඩේ අයිතිකාරයා එයාට රැව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" සර් මේ පාක් ජන්කුක් " මාව වෙනදට චෙක් කරන ඩොක්ටර් එහෙම කිව්වම ගැඹුරු කටහඩේ අයිතිකාරයා එයාට රැව්වා.. අම්මූ... ඒ රැවිල්ලටනම් මටත් බය හිතුනා... ඒත් එයා මගේ ලගට ඇවිත් දණ ගහගෙන මාත් එක්ක ලස්සනට හිනා වෙලා එයාව මට අදුන්නලා දුන්නා... වාව් එයාගේ කටහඩ හරිම ගැඹුරු යි.. ඒත් එයා මාත් එක්ක වෙන අය වගේ නෙවෙයි හරිම ආදරෙන් කතා කලා...

එයාට ඕනේ වුනේ මාව වෙන වෝඩ් එකකට මාරු කරන්න.. ඒත් මාව වෙනදට චෙක් කරන ඩොක්ටර් චෝයි කිව්වා ඒකට මේ ඩොත්ටර්ට අවසර නෑ කියලා... මට නම් ගොඩක් දුක් හිතුනා.. මට දුක හිතුනට එයාට නම් තරහ ගියා වගේ අත්දෙකත් මිටිමොලවගෙන එයා ඩොක්ටර් චෝයිව එලියට එක්කගෙන ගියා...

එකපාරටම ලොකු සද්දයක් ආවා.. ඒකට මාවත් ගැස්සුණා.. ඒක නිකං ලොකු බර දෙයක් පොලවට වැටෙනවා වගේ සද්දයක්.. එයාට කරදරයක් වත්ද??

𝐒𝐭𝐨𝐫𝐲 𝐎𝐟 𝐓𝐡𝐞 𝐖𝐡𝐞𝐞𝐥𝐜𝐡𝐚𝐢𝐫 🌼✔️Where stories live. Discover now