Chapter 03

927 182 44
                                    


උණුසුම් පොරෝනා අස්සට ගුලි වෙලා සුව නින්දක හිටපු පාක් සන්හූන් එකපාරටම ඇහැරුනේ නිහඩ රෑ මැදියමේ පල්ලෙහා කුස්සිය පැත්තෙන් ඇහුනු විශාල සද්දයක් නිසා.ඒක හරියට මොකක් හරි බිදෙනවා වගේ සද්දයක්.ඒත් මහ රෑ කලුවරේ මොකක්වත් බිදින්න ඒ ගේ අස්සේ සන්හූන් ඇරෙන්න වෙන කවුරුත් හිටියේ නෑ.මොකද ඒ ගෙදර එයා ජීවත් වුනේ තනියම..

ඒක මතක් වුනු ගමන් සම්පූර්ණයෙන්ම නින්දෙන් අවදි වුනු සන්හූන් ඉක්මනටම ඇද උඩ වාඩි වුනේ හීන් හිරියක් ඇග පුරාම පැතිරිලා යද්දි..

" මොන මගුලක්ද ඒ සද්දේ..??"

කලුවරේම බෙඩ්සයිඩ් ටේබල් එක උඩ අත යවලා එතන තිබුනු ෆෝන් එක අතට ගත්තු සන්හූන් බාලුවේ වෙලාව කීයද කියලා..

' මහ රෑ දොළහ හමාරට මගේ කුස්සියේ බඩු පොලවේ ගහන්නේ මොකාද..? '

සන්හූන් තවත් මොකුත් හිතන්න කලින්ම ආයෙත් පල්ලෙහයින් පොඩි පොඩි සද්ද ඇහෙන්න පටන් ගත්තේ කවුරු හරි ගේ ඇතුලේ ඉන්නවා වගේ..බය වුනු සන්හූන් මුලින්ම හිතුවේ එයාගේ ගෙට හොරෙක් පැනලා කියලා..ඒ උනාට ලගකදි ඉදන් එකපාරටම රෑ මේ වගේ වෙලාවල්වලට ගෙට කඩා පනින එකම කෙනා කවුද කියලා මතක් වුනාම සන්හූන්ගේ මූණේ  බය නැති වෙලා ඇදුනේ හිනාවක්...

සන්හූන්ට අමතරව ඒ ගෙයි යතුරක් තිබුනෙ හිටපු ගමන් කඩාගෙන වදින සන්හූන්ගේ ආදරණීය සහෝදරයට විතරයි..

මූනේ ඇදුනු හිනාවෙන්ම ඇදෙන් නැගිටපු සන්හූන් පුරුද්දෙන්ම ගිහින් කාමරේ ලයිට් එක දාලා පුටුවක් උඩ දාලා තිබුනු හූඩි එක අරන් ඇදගෙන හිටපු ස්වීට් පෑන්ට් එකට උඩින් ඇදගත්තේ පහලට යන්න හිතාගෙන..

බාගෙට වහලා තිබුනු දොර ඇරගෙන එලියට ආපු සන්හූන් දැක්කා මුලු පහල තට්ටුවෙම ලයිට් ඕන් කරලා තියන හැටි..ඒක වැඩිය ගනන් නොගත්තු කොල්ලා අත් දෙක විහිදලා හිරි අරින ගමන් පඩිපෙල දිගේ පහලට බැස්සෙ කුස්සියට යන්න හිතාගෙන.ඒත් දැකපු දේ නිසා හිටපු තැනම නතර වුනු සන්හූන් එයාගේ සාලේ දිහා බලාගෙන හිටියේ තුශ්නිම්භූත වෙලා.හරියටම කිව්වොත් සාලේ දිහා නෙමෙයි සාලේ හිටපු අය දිහා..

● Fᴏʀʙɪᴅᴅᴇɴ Lᴏᴠᴇ ● | SOPE | ✔Where stories live. Discover now