Chapter 21

504 120 83
                                    

________________________________________

Sometimes you need to
burn bridges to
stop yourself from crossing
them again.

________________________________________

"ඉතින් හානෙවුල්...ඔයා බලන්න කැමතිද හරියටම ජේහෝප් කියන්නේ කවුද කියලා...??"

හෝසොක් සිහින් ස්වරයෙන් එහෙම මුමුණද්දි හානෙවුල්ට දැනුනේ එයාගෙ මුලු ඇගම කිලිපොලා යනවා වගේ හැගීමක්.ඒත් තමන්ට වඩා පොඩි කොල්ලෙක්ට බය වෙන එක මදිකමක් වගෙයි හානෙවුල්ට දැනුනේ.

"අමුතුවෙන් දැනගන්න දෙයක් නෑ...උබ කවුද කියලා මං හොදටම දන්නවා ජේහෝප්...උබ මහ බයගුල්ලෙක්....!!"

මොන තරම් බය වෙලා හිටියත් හානෙවුල් කෑ ගැහුවේ හෝසොක් අර සමච්චල් හිනාවෙන්ම බලාගෙන ඉද්දි.

"වාහ්...එච්චරද...තව මොනවද දන්නේ මං ගැන..?"

"උබේ මහ නිකමෙක්..තමන්ගේ ගෙදර ඉන්න එකෙක්වවත් පරිස්සම් කරගන්න බැරි මහලොකු මාෆියා ලීඩර්.."

හානෙවුල් දත් මිටි කාගෙනම හෝසොක් දිහා බලාගෙන හිනා වෙන්න ගත්තේ හෝසොක් ඒකෙන්වත් කේන්ති ගනි කියලා හිතාගෙන.ඒත් හෝසොක් ඒකටත් කලේ හිනාවෙන එක.

ඒත් තප්පර පහක් යන්නත් කලින් හිනා වෙවි හිටපු හෝසොක්ගේ මූණ ආයෙමත් නපුරු වෙන්න ගත්තේ හිල් වෙලා යන තරම් තියුනු බැල්මකින් හානෙවුල් දිහා බලද්දි.

"මොන බොරු කතාද හානෙවුල්..මං ඔයාට කියලා දෙන්නම් ඇත්තටම ජේහෝප් කියන්නේ කවුද කියලා..."

එහෙම කියපු හෝසොක් එයාගේ අතේ තිබුනු රිවෝල්වරය එහෙ මෙහෙ හරවමින් ඒක දිහා බලන්න ගත්තේ සීරියස් බැල්මකින්..එතන හිටපු හැමෝගෙම ඇස් තිබුනේ හෝසොක් ලග.කිසිම කෙනෙක් හෙලවෙන්නවත් ඉඩිතර වුනේ නෑ..ටික වෙලාවක් රිවෝල්වරය පරීක්ශා කරමින් හිටපු හෝසොක් එකපාරටම ඔලුව උස්සලා හානෙවුල් දිහා බැලුවේ හානෙවුල් ඒ බැල්මට වෙව්ලලා යද්දි.

"තමුසේ දන්නවද හානෙවුල් මගේ තැනකට මොකෙක් හරි බලෙන් අඩියක් තිබ්බොත් මං මොකක්ද කරන්නේ කියලා...?"

● Fᴏʀʙɪᴅᴅᴇɴ Lᴏᴠᴇ ● | SOPE | ✔Onde histórias criam vida. Descubra agora