Chapter 15

542 140 43
                                    

_______________________________________

There is no love without forgiveness,
And there is no forgiveness without love.

~ Bryant H Mcgill ~

________________________________________


"ම්..මට..මට සමාවෙන්න නිකෝ..ම්..මට සමාවෙන්න..!!!!"

හෝසොක්ගේ ඒ වචනත් එක්කම තවත් කදුලු බින්දු දෙකක් ඒ කම්මුල් දිගේ ගලාගෙන ගියෙ යුන්ගිගේ ඇසුත් ආයෙමත් කදුලින් බොද වෙද්දි.බොද වුනු ඇස් අස්සෙන් යුන්ගි දැක්කා හෝසොක් තමන්ගේ ඇස් දිහාම වේදනාවෙන් බලාගෙන ඉන්න හැටි.ඒ බැල්ම දරගන්න බැරිව දෙනෙත් පියාගත්තු යුන්ගිට ඊගාවට හෝසොක්ගේ කටින් පිටවුනු වචන ටික දැනුනේ හරියට හීනෙන් වගේ.

"ම්..මට සමාවෙන්න මගේ මැණික...මට සමාවෙන්න...!!!!!!"

ඒත් යුන්ගිට විශ්වාසයි..ඒක හීනකයක් නෙමෙයි.හෝසොක් ඇත්තටම එහෙම කිව්වා.යුන්ගිට හෝසොක්ගේ ඒ වචන පපුව අස්සටම දැනුනා.

ඒත්..

යුන්ගිට හෝසොක් ඉල්ලන දේ දෙන්න පුලුවන්කමක් තිබුනේ නෑ.
කිසිම කෙනෙක් වෙනුවෙන් හෝසොක්ගේ ඇස්වලින් ගලපු නැති කදුලු අද තමන් වෙනුවෙන් ගලනවා දැක දැකත් යුන්ගිට හෝසොක්ට සමාව දෙන්න පුලුවන්කමක් තිබුනේම නෑ.

හෝසොක් යුන්ගිගෙන් ඉල්ලුවේ යුන්ගිට දෙන්න බැරිම දේ...

ඇස් පියාගෙන උන්නු යුන්ගි දිහා හෝසොක් බලාගෙන හිටියේ ගොඩක් අසරණ වෙලා.කවදාවත් නැතිව හෝසොක් ගොඩාක් අසරණයි..එක මොහොතකට හෝසොක්ට හිතුනා යුන්ගිට දීපු ඒ එක කායික වේදනාවක් වෙනුවෙන් තමන් මෙ තරම් යුන්ගිගෙන් සමාව බලාපොරොත්තු වෙන්නේ ඇයි කියලා..ඒත් එයාට ඒකට උත්තරයක් ලැබුනේ නෑ.හෝසොක්ට දැනුනේ එයා යුන්ගිගෙන් සමාව ගන්න ඕනි කියන දේ විතරයි..හෝසොක් දන්නවා එයා යුන්ගිට දුන්නු වේදනාවට යුන්ගිගෙන් ලේසියෙන් සමාවක් ලැබෙන්නේ නෑ කියලා..ඒත් හෝසොක් ඒ සමාව යුන්ගිගෙන් ලබාගන්න ඕනිම දෙයක් කරන්න ලෑස්තියි.හෝසොක්ට ඕනි වුනේ එච්චරයි..යුන්ගිගේ සමාව විතරයි.

ඒ අතරේ ඇස් පියාගෙන හෝසොක්ගේ මුවින් පිට වුනු ඒ වචන අතරේ අතරමන් වෙලා උන්නු යුන්ගිගේ මනස එයින් මිදිලා ගියේ වෙනමම මතක ගොන්නක් අස්සට.

● Fᴏʀʙɪᴅᴅᴇɴ Lᴏᴠᴇ ● | SOPE | ✔Where stories live. Discover now