Chapter 05

866 171 98
                                    

________________________________________

We don't meet people by accident.
They are meant to cross our path for a reason.

________________________________________


සන්හූන්ගේ දිහායින් ඇවිත් පැය කීපයකට පස්සේ නම්ජූන්,ජින් දෙන්නම රෝනා ප්ලේස් එකට ඇවිත් කෙලින්ම ආවේ හෝසොක්ගේ ඔෆීස් රූම් එකට.ඒත් එයාලා ආවේ සුබ ආරංචියක් අරගෙන නම් නෙමෙයි.ඒ දෙන්නගේ මූණේ තිබුනු බලාපොරොත්තු කඩවුනු පෙනුමින්ම හෝසොක්ට ඒක හිතාගන්න පුලුවන් වුනා.ඒ දෙන්නා එද්දි ජනේලයෙන් ඈත බලාගෙන ලොකු කල්පනාවක හිටපු හෝසොක් නම්ජින් දෙන්නට වාඩි වෙන්න කියන ගමන් එයාලා වාඩි වුනු සෝෆා එකට ඉස්සරහින් තිබුනු සෝෆා එකෙන් වාඩි වුනා. හෝසෝක් මුලින්ම හැරුනේ නම්ජූන් දිහාවට..

"ජූන්..සන්හූන්ගේ ගේ ඇතුලෙන් මොකුත්ම හම්බුනේ නෑ ඒ කියන්නේ..?"

හෝසොක් කුතුහලෙන් එහෙම අහද්දි නම්ජූන්,ඔලුව වැනුවේ ඒක සනාත කරන ගමන්.

" අපිට කිසිම දෙයක් හොයාගන්න ලැබුනේ නෑ හෝබා..අපේ රහස් ලියකියවිලි ටික තියා ඒ ගේ අතුලේ සන්හූන්ගේවත් වැදගත් කියලා කියන්න පුලුවන් කිසිම දෙයක් තිබුනේ නෑ.අඩුම තරමේ සන්හූන් කාගේ කවුද කියලාවත් අපිට හොයාගන්න බැරි උනා.ගේම අනිත් පැත්ත පෙරලලා හෙව්වත් කිසිම පෙන් එකක් තිබුනේ නෑ කොහේවත්ම.."

නම්ජූන් ඒ ටික කියද්දිම ජින් එකපාරටම ඒ දෙන්නගේ මූන දිහා බැලුවේ එයාට කවුරුත් මෙච්චර වෙලා පෙන් එකක් හොයනවා කියලා කියපු නැති නිසා..

" මොන පෙන් එකක් ගැනද ඔයගොල්ලෝ මේ කියන්නේ..?"

හෝසොක් නිහඩවම කල්පනා කරද්දි නම්ජූන්ම ජින්ට උත්තර දෙන්න ගත්තා.

" යූනා කිව්වේ සන්හූන් ZERO එකේ රහස් ටික පෙන් එකකට දාගෙනයි ඉන්නේ කියලා.ඒ වගේම යූනා අපේ තව වැදගත් පේපර්ස් කීපයක්ම හොරකම් කරලා තියනවා.ඒ ඔක්කොම යූනා කියපු විදිහට තාමත් තියෙන්න ඕනි සන්හූන් ලග.ඒ නිසයි අපි හැමතැනම ඒක හෙව්වේ..ඒත් අපිට කිසිම දෙයක් හොයාගන්න බැරි වුනා..."

ටිකක් වෙලා නම්ජූන් දිහා ඇස් හීනි කරගෙන බලාගෙන හිටපු ජින් ඊගාවට හෝසෝක් දිහා බැලුවේ මේ ලෝකේ ඉන්න ලොකුම මෝඩයා දිහා බලනවා වගේ බැල්මකින්.

● Fᴏʀʙɪᴅᴅᴇɴ Lᴏᴠᴇ ● | SOPE | ✔Where stories live. Discover now