Chapter 04

856 175 59
                                    

_________________________________________

In the absence of information,
We jump to the worst conclusions...

_

________________________________________

දෛවය කියන්නෙම මහ නපුරු දෙයක්...
අපි ජීවිතේ ගොඩාක් ආදරේ කරන දේවල් දෛවය අපෙන් උදුරගන්නේ ඒ දේවල් ආයේ කවදාවත් අපිට ලබාගන්න බැරි විදිහට..
ඒ දේවල් නැති වෙලා යද්දි අපිට ඉතුරු වෙන්නේ ලස්සන මතක ගොඩක් විතරයි.
අපිට කවදාවත් ලන්වෙන්න බැරි ඒත් කවදාවත් හිතෙන් මැකිලා යන්නෙත් නැති මතක කියන්නේ දෛවයෙන් පැරදුනු ගොඩක් අයට දුන්නු සැනසිලි තෑග්ගක් වගේ.සමහරවිට මතකයන් ඒ තරම් වටින්නෙත් ඒ නිසාම වෙන්න ඇති.
දුක සතුට හැමදේම පිරුනු ආදරණීය මතක කියන්නේ අපි ජීවිතේ අන්තෙටම වැටුනු වෙලාවට අපි ලගටම වෙලා ඉන්න දෙයක්.ජීවිතේ දරාගන්නම බැරි දෙයක් සිද්ද වුනාම අපේ හිත පරණ මතකයන්ගෙන් පිරෙන්නේ හරි පුදුම විදිහට..

අනතුරුදායක මිනිස්සු ගොඩාක් එක්ක තමන්ගෙම ගේ ඇතුලේ හිරවෙලා හිටපු සන්හූන්ගේ නින්දෙන් පියවුනු ඒ ඇස් අස්සේ හීනයක වෙස් අරන් පේන්න ගත්තෙත් කවදාවත් ආයෙත් යන්න බැරි ලස්සන,ආදරණිය මතක ගොන්නක්..

උදාවෙන දවස ගැන නොදැන නින්දට වැටුනු සන්හූන් හිටියේ හරි ලස්සන හීන ලෝකයක් අස්සේ.ඒ හීනේ පිරිලා තිබුනේ සන්හූන් ආදරේ කරපු එයාගේ ජීවිතේ වටිනම අයගෙන්..

සන්හූන්ට අනුව මේ ලෝකේ කරුණාවන්තම හදවත තිබුනේ සන්හූන්ගේ තාත්තට.ඒ ලස්සන හීනේ ඇතුලේ ආඩම්බරෙන් තමන් දිහා බලාගෙන උන්නු තාත්තා දැක්කම සන්හූන්ගේ හදවත සතුටෙන් පිරෙන්න පටන් ගත්තේ හරියට එයා ඇත්තටම තාත්තගේ ඉස්සරහ ඉන්නවා වගේ..

ඊට පස්සේ ඒ හීනේ ඇතුලට ආවේ සන්හූන්ට මුලු ලෝකෙම ඉන්න ආදරණීයම කෙනා...අම්මා..
සන්හූන් එයාගේ අම්මට පණ වගේ ආදරේ කලා.හීනයක් ඇතුලේ වුනත් ඒ ආදරණිය හිනාවට නිදාගෙන ඉන්න සන්හූන්ගෙ මූණට හරි ලස්සන හිනාවක් ගේන්න පුලුවන් වුනා.

තමන් දිහා හරි ආදරෙන් බලාගෙන ඉන්න අම්මයි තාත්තයි දිහා බලාගෙන හිටපු සන්හූන් ඊගාවට දැක්කේ එයා මේ ලෝකේ වැඩියෙන්ම ආදරෙ කරන කෙනා.සන්හූන්ගේ ලෝකේ..සන්හූන්ගේ ආදරණීය මල්ලී..සන්හූන්ගේ වචනවලින් නම් එයාගේ චූටි කොල්ලා යුවී..
අම්මයි තාත්තයි එක්ක පොඩි ලමෙක් වගේ හුරතල් වෙන අවුරුදු විස්සක ලොකු කොල්ලා දිහා සන්හූන් බලාගෙන හිටියේ හරි ආදරෙන් හිනාවෙන ගමන්..

● Fᴏʀʙɪᴅᴅᴇɴ Lᴏᴠᴇ ● | SOPE | ✔Where stories live. Discover now