Chapter 07

741 163 61
                                    

_________________________________________

When the heart gets
Too heavy with pain,

People don't cry,

They become silent,
Completely silent.

_________________________________________

හෝසොක්ට තිබුනේ ගලක් වගේ හිතක්..ඒ හිතේ කිසිම කෙනෙක් ගැන,කිසිම දෙයක් ගැන පොඩිමවත් තෙතමනයක් තිබුනේ නෑ.ඒ හිතේ යන්තමට හරි හැගීමක් ඇති වුනත් ඒවා මැකිලා ගියේ හිතාගන්නවත් බැරි තරම් ඉක්මනට.

හෝසොක් එයාගේ ඉස්සරහ ඉන්න යුන්ගි දිහා බලාගෙන හිටියේ අර පුරුදු සීතල බැල්මෙන්මයි.කලින් දවසේ ඒ කොල්ලා ගැන දැනුනුකිසිම හැගීමක් හෝසොක්ට තව දුරටත් මතක තිබුනේ නෑ.ඒ හැම හැගීමක්ම හෝසොක්ගේ හිතෙන් මැකිලා ගිහින් තිබුනේ හරි පුදුම විදිහට.

" මීට පස්සේ..කිසිම දෙයක්...මට දෙපාරක් කියන්න ඉඩ තියන්න එපා නිකෝ..."

යූන්ගි හිටියේ සිද්ද වෙන කිසිම දෙයක් හිතාගන්න බැරිව.නලලින් දැනුනු ලොකු වේදනාවක් එක්ක දැකලාවත් නැති තැනක අවදි වුනු යුන්ගිට කලින් දවසේ වුනු ඇක්සිඩන්ට් එක ගැන මොකුත්ම මතක තිබුනේ නෑ..එයාට මතක තිබුනු එකම දේ ෆ්ලවර් ශොප් එක වහලා ගෙදර යන්න ආපු එක විතරයි.අඩුම තරමේ එයා මේ ඉන්නේ කොහෙද එයා මෙහාට ආවෙ කොහොමද කියලාවත් යුන්ගි දන්නේ නෑ.ඒ වගේම එයා පොඩ්ඩක්වත් බලාපොරොත්තු වුනේ නෑ එයාට මේ නාදුනන තැනදි ජේහෝප්ව හම්බවෙයි කියලා.ජේහෝප්ව දැකපු වෙලේ ඉදන් යූන්ගිට දැනුනේ එයා මහ භයානක රාක්ශයෙක් එක්ක පාලු දූපතක තනි වුනා වගේ හැගීමක්.යුන්ගි හිටියෙ බයෙන් අසරණ වෙලා.

හෝසොක්ගේ ග්‍රහණයෙන් බේරිලා යන්න එයාට කොච්චර ඕනි වුනත් එයාව තල්ලු කරලා දාන්නවත් යුන්ගිට හයියක් තිබුනේ නෑ.
යුන්ගිට කරන්න පුලුවන් වුනු එකම දේ හෝසොක්ගේ කෝපයෙන් දැවෙන ඇස් දිහා බලාගෙන ඉන්න එකම විතරයි.

" කතා කරනවා ඉතින්..තමුසෙට තේරුනාද මං කියපු දේ...!! "

හෝසොක්ගේ කෑ ගැහිල්ලටයි තරහින් පුපුරන මූණටයි බය වුනු යුන්ගිගෙ ඇස් කදුලින් පිරෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.තව පාරක් හෝසොක් කෑ ගහනවා බලන්න තිබුනු බය නිසාම යුන්ගි හිමීට ඔලුව ඉහල පහල වැනුවෙ මෙච්චර වෙලා ඇස්වල රැදිලා තිබුනු කදුලු බින්දු ඒ කම්මුල් දිගේ උණුහුමට ගලාගෙන යද්දි.

● Fᴏʀʙɪᴅᴅᴇɴ Lᴏᴠᴇ ● | SOPE | ✔Where stories live. Discover now