Chapter 25

442 120 86
                                    

_____________________________________

Time has a wonderful way of showing us what really matters.

_Magaret Peters_

_____________________________________

ජිමිනා...."

කොට්ටෙකුත් තුරුල් කරගෙන සුවපහසු ඇදේ වැතිරිලා නින්දත් නොනින්දත් අතර හිටපු ජිමින් සම්පූර්නෙන්ම අවදි වුනේ ඇද ලගින්ම ඇහුනු යුන්ගිගේ කටහඩට..

ඔරේන්ජ් ජූස් වීදුරුවක් එක්ක පාන් පෙති දෙකක් තියලා තිබුනු ට්‍රේ එක සයිඩ් ටේබල් එක උඩින් තිබ්බ යුන්ගි ජිමින් දිහා බලලා යන්තමින් හිනා වුනේ ජිමින් ඇද උඩින් වාඩි වෙද්දි.

"මං හිතුවේ ඔයාට නින්ද ගිහින් කියලා..."

යුන්ගි කිව්වේ කාමරය පැත්තක තිබුනු ජනේලය දිහාට ඇවිදගෙන යන ගමන්.

නිදිබර වෙලා තිබුනු ඇස් අතින් පොඩි කරන ගමන් ජිමින් ඈනුමක් ඇරියේ යුන්ගි තිර රෙදි ටික වහලා කාමරය ඇතුලට වැටුනු හැන්දෑවේ ඉර එළිය වලක්වද්දි.

"නින්ද ගියේ නෑ කියන්න බෑ..හැබැයි නින්ද ගියෙ නෑ කියන්නත් බෑ...ඒ දෙකම අතරේ හිටියේ..."

එහෙම කියපු ජිමින් හිනා වුනේ යුන්ගිත් ඒ හිනාවට එකතු වෙද්දි.

පහුගිය දවස් ටිකේම හවස පහ හය වෙද්දි යුන්ගි ජිමින්ට බොන්න දේකුත් හදාගෙන ජිමින්ගේ රූම් එකට එන එක පුරුද්දක් වෙලයි තිබුනේ..ජිමින් තවමත් බෙඩ් රෙස්ට් කරමින් හිටපු නිසා උදේ කෑම වේල වගේම දවල් කෑම වේලත් යුන්ගි ගත්තේ ජිමින් එක්ක එයාගේ කාමරේමයි.ජිමින් කාමරෙන් එලියට ගියේ රෑ කෑම වෙලාවට විතරයි.ඒකත් යුන්ගිගේ පෙරැත්තකිරීම් නිසා...

හිනා වෙවීම ජිමින් ගාවට ආපු යුන්ගි සයිඩ් ටේබල් එක උඩ තිබුනු බීම වීදුරුව අරන් ජිමින්ට දුන්නේ ට්‍රේ එකත් ඒත් එක්කම ජිමින්ගේ පැත්තකින් තියන ගමන්.

යුන්ගි රෝනා ප්ලේස් එක ඇතුළේ ඉන්න අය එක්ක තරමක් දුරට හොද තත්වෙක හිටියත් එයා ගොඩක් වෙලාවට හෝසොක් නම්ජූන් වගේම අනිත් අයත් එක්කත් හිනා වුනා මිසක් වැඩිය කතා බහ කලේම නැති තරම්.හෝසොක් එක්ක ටිකක් කතා කරනවා තමයි ඒත් යුන්ගි වැඩිපුරම දොඩමලු වුනේ ජිමින් එක්ක.

● Fᴏʀʙɪᴅᴅᴇɴ Lᴏᴠᴇ ● | SOPE | ✔Where stories live. Discover now