Chapter 10

651 138 41
                                    

(same day as in chapter 09)

රතු නිල් නියෝන් එලිවලින් ආලෝකමත් වෙලා තිබුනු ක්ලබ් එකේ විශාල දොරටුවෙන් ඇතුලුවුනු හෝසොක් ඝෝශාකාරි සංගීතයට නටන බීමත් මිනිස්සු අතරින් ඇවිදගෙන ඉදිරියට ආවේ ක්ලබ් එකේ ආරක්ශකයෙකුත් එක්ක.

පැත්තකින් තිබුනු පඩිපෙලක් දිගේ හෝසොක්ව ඉහල තට්ටුවකට රැගෙන ගියපු ආරක්ෂකයා VVIP කියලා ගහලා තිබුනු දොරක් ඉස්සරහින් නැවතුනේ හෝසොක්ට ඉඩ දෙන ගමන්...රූම් එකේ දොර ගාව නැවතුනු හෝසොක් තමන්ගේ කීකාඩ් එක පාවිච්චි කරලා දොර විවර කරලා ඇතුලට ගියේ ඊගාවට කරන්න ඕනි දේ ආරක්ෂකයට කිව්වට පස්සෙ.හෝසොක්ට ආචාර කරපු ඒ කෙනා නොපෙනි යනකම් හිටපු හෝසොක් දොර වහලා මෙච්චර වෙලා දාගෙන හිටපු මාස්ක් එක ගලවලා පැත්තකින් තිබුනු සෝෆා එක උඩට විසි කලේ ඒකෙම පැත්තකින් වාඩි වෙන ගමන්.

හැම වෙලේම වගේ ඒ වෙලාවෙදිත් හෝසොක්ගේ මූණේ කිසිම හැගීමක් තිබුනේ නෑ.එයා හිටියේ සුපුරුදු හැගීම් විරහිත ස්වභාවයෙන්මයි..ඒ සීතල බැල්ම වගේම හිනා පොදක් නැති මූණ ඒ විදිහමයි..

අහේතුකවම මොකක්දෝ තෙහෙට්ටුවෙන් හිටපු හෝසොක් සෝෆා එකේ හේත්තුවෙලා ඇස් දෙක පියාගත්තේ පොඩි විවේකයක් ගන්න බලාපොරොත්තුවෙන්.ඒත් හිතට එන සිතිවිලිවලින් හෝසොක්ට බේරිල්ලක් තිබුනේ නෑ..

පැය දෙකක් විතර කාර් එකත් ඩ්‍රයිව් කරගෙන  සෝල්වලින් ඈත තියන තමන්ට අයිති ක්ලබ් එකකට හෝසොක් ආවේ එයාට රෝනා ප්ලේස් එකෙන් ඈතකට යන්න ඕනි කියලා දැනුනු නිසා.ඒත් රෝනා ප්ලේස් එකෙන් කොච්චර ඈතක හිටියත් ඒක ඇතුලේ සිද්ද වුනු දේවල් හිතින් ඈතකට යවන්න හෝසොක්ට පුලුවන් වුනේ නෑ..

මීට පැය කීපයකට කලින් දැකපු දේ ආයෙමත් හිතේ හොල්මන් කරන්න පටන් ගනිද්දි කොන්ඩෙ අතරින් අතක් යවමින් කෙස් ඇදගත්තු හෝසොක් සෝෆා එකෙන් නැගිටලා ගියේ සුඛෝපබෝගි කාමරය පැත්තක තිබුනු මිනි බාර් එක පැත්තට.

රාක්කවල අහුරලා තිබුනු නොයෙකුත් වර්ගයේ මිල අධික මත්පැන් වර්ග දිහා බලපු හෝසොක් BACARDI 151 රම් බෝතලයක් අරගෙන ලගම තිබුනු ස්ටූල් එකෙන් වාඩි වුනේ ටේබල් එක උඩ තිබුනු ග්ලාස් එකකුත් ලගට කරගන්න ගමන්..

● Fᴏʀʙɪᴅᴅᴇɴ Lᴏᴠᴇ ● | SOPE | ✔Where stories live. Discover now