🖤 Chapter 03🖤

558 142 14
                                    

ජිමින්ගෙ තමන්ගෙ අත පිටිපස්සට කරේ ටේහ්‍යුන්ගෙ කැල් එක ඉල්ලගන්න වුනත් ඒ වෙලාවෙ වුනේනම් ජිමින් තියා ටේහ්‍යුන්වත් හිතුවෙ නැති දෙයක්.

ජිමින් වෙන වගේ වෙලාවකනම් වෙච්ච දේ නිසා සතුටු වෙන්න ඕන වුනත් මේ වෙලාවෙනම් කොල්ලා ටිකක් විතර බයවුනා.හැබැයි කොල්ල ඒක පෙන්නන්නෙ නැතුව ඉන්න ට්‍රයි කරා.

මොකද ඒ වෙලාවෙ කෙනෙක් කොල්ලගෙ අතින් අල්ලන් හිටියෙ .ඒ වෙන කවුරුවත් නෙමේ ප්‍රොෆෙසර් මින්.ප්‍රොෆෙසර් මින් බලන් හිටියෙ තමන් අල්ලන් ඉන්නෙ ජිමින්ගෙ අත දිහා.හැබැයි ජිමින්නම් හිටියෙ ප්‍රොෆෙසර් මින් දිහායි තමන්ගෙ අත දිහායි මාරුවෙන් මාරුවට බලන ගමන්.

" මිස්ටර් පාක් අනුන්ගෙන් බලලා උත්තර ලියන්නද හදන්නෙ  . "

ප්‍රොෆෙසර් මින් ඇහිබැමකුත් උස්සන් ජිමින්ගෙන් එහෙම අහද්දි ජිමින් ඉදගෙන හිටිය තැනින් නැගිට්ටෙ ප්‍රොෆෙසර් මින් කිව්ව දේ හරියට නොතේරුන නිසා.

" ප්‍රොෆෙසර් මින් "

" දැන් නෑ කියන්නද හදන්නෙ ? තමන්ගෙ උත්සාහයෙන් උත්තර ලියන්නෙ නැතුව අනුන් ලියපු එකක් කොපි කරලා ලියල මොනාද බලාපොරොත්තු වෙන්නෙ . "

" ප්‍රොෆෙසර් මින් මන් කාගෙන්වත් කොපි කරේ නෑ.අනික මන් මොකටද කාගෙන්වත් කොපි කරන්නෙ. "

"ඉනෆ් මිස්ටර් පාක්.මන් ඔයා වගෙ ළමයෙක්ගෙන් මේ වගේ දෙයක් බලාපොරොත්තු වුනේ නෑ.දැන්මම පේපර් එක දීලා එළියට යන්න."

"ප්‍රොෆෙසර් මින් මන් "

ජිමින්ට මොනවත් කියන්න නොදීම ජිමින්ගෙ ටේබල් එක උඩ තිබ්බ පේපර් එක ප්‍රොෆෙසර් මින් තමන්ගෙ අතට ගත්තා .

" ප්‍රොෆෙසර් මින් තව මට ප්‍රශ්න දෙයක් තියෙන්නෙ .ඒක කරාට පස්සෙ ගන්න .ප්ලීස්.නැත්තන් මට කට් මාක් එක පාස් කරන්න බැරි වෙයි .ප්ලීස් ප්‍රොෆෙසර් මින්."

ඒ වෙලාවෙ ජිමින් එහෙම කියද්දි කොල්ලගෙ ඇස් කදුලු වලට තෙත් වුනා.මොකද ඒ වෙලාවෙ ජිමින් බයවෙලා හිටියෙ තමන් ෆේල් වෙයි කියලා .

" ප්‍රොෆෙසර් මින් ජිමින් කොපි කරන්න හැදුවෙ නෑ . "

මෙච්චර වෙලා කටවහන් හිටිය ටේහ්‍යුන් එහෙම කිව්වෙ ප්‍රොෆෙසර් මින් ජිමින්ව ෆේල් කරයි කියලා දන්න නිසාමයි.

ටේහ්‍යුන් එහෙම කියද්දි ප්‍රොෆෙසර් මින් ටේහ්‍යුන් දිහාට හැරුනා .

" මිස්ටර් කිම්.ඔයත් මෙතන වරදක් කරලා තියෙනවා .තමන්ගෙ යාලුවට උදව් කරනවා කියනවා තමන්ගෙ පේපර් එක දුන්නම හරියනවද ? "

" ප්‍රොෆෙසර් මින් ජිමින්  "

"ඉනෆ් මිස්ටර් කිම්.දැන් ඉදගෙන තමන්ගෙ පේපර් එක ලියන්න. එතකොට ඔයා මිස්ටර් පාක්. "

ප්‍රොෆෙසර් මින් එහෙම කියලා ජිමින්ට තමන්ගෙ ඇගිල්ල දික් කරද්දි කොල්ල හිටියෙ තමන්ගෙ ඇස්වල තියෙන කදුලු හිරකරගත්‍තා.

" ප්‍රොෆෙසර් මින් ප්ලීස් .මට මේ ප්‍රශ්න දෙක විතරක් කරන්න දෙන්න."

"මන් දැන් සැරයක් කිව්වා මිස්ටර් පාක්.එළියට ගියොත් හොදයි."

ප්‍රොෆෙසර් මින් එහෙම කිව්වට පස්සෙ කොල්ලට අකමැත්තෙන් වුනත් වුනේ ලෙක්චර් හෝල් එකෙන් එළියට ගියා.ජිමින් එළියට යන දිහා ටික වෙලාවක් බලන් හිටිය ප්‍රොෆෙසර් මින් ජිමින්ගෙ පේපර් එකත් අරන් ආයෙත් ගියෙ ස්ටේජ් එක උඩට.

























ලෙක්චර් හෝල් එකේදි වෙච්ච දේත් එක්ක ජිමින් හිටියෙ ගොඩක් අවුලෙන්.ඒක නිසාම කොල්ල හිත හදාගන්නත් එක්ක ගියෙ තමන් වැඩියෙන්ම ඉන්න ආස කරපු තැනට.

කොල්ල හන් ගගේ ඉවුර ගාවට ගිහින් ගස් මැද්දෙ තියෙන බෙන්ච් එකක ඉදගත්තෙ තමන්ගෙ හිත නිදහස් කරගන්නමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කොල්ල හන් ගගේ ඉවුර ගාවට ගිහින් ගස් මැද්දෙ තියෙන බෙන්ච් එකක ඉදගත්තෙ තමන්ගෙ හිත නිදහස් කරගන්නමයි.

" I will fuck you cold Min.I will definitely do it . Aish you idiot."

ජිමින් තමන්ගෙ ඇස් වලින් වැටෙන කදුලු පිහදගෙන එහෙම කිව්වෙ හන් ගග දිහා බලාගෙනමයි.

" After I will marry you cold Min.You will have to work in the Kitchen  all the time."

ජිමින් පොඩි එකෙක් වගේ කටත් හදාගෙන එහෙම කියද්දි කොල්ලගෙ අවදානෙ ගියෙ තමන්ගෙ එහාපැත්තෙන් ටිකක් ඈතට වෙන්න හිටිය කෙනෙක්ට.

To be continue .

ජිමින්ගෙ අවදානේ ගිය කෙනා කවුද දන්නෙ නෑ.

සමහරවිට ඔයාල හිතන කෙනා නොවෙන්නත් පුලුවන් ඒ .

සරංහේ .
Bunny Queen
💜️💜️💜️💜️

🅜🅨 🅡🅞🅜🅔🅞 || 🅨🅞🅞🅝🅜🅘🅝|| 🅒🅞🅜🅟🅛🅔🅣🅔Where stories live. Discover now