🖤 Chapter 04🖤

549 136 19
                                    

බෙන්ච් එකේ ඉදන් හිටිය ජිමින්ගෙ අවදානේ ගියෙ තමන්ට පොඩ්ඩක් එහා පැත්තෙන් හිටිය ලස්සන ගෑණු කෙනෙක්ට.
ඒ ගෑණු කෙනා සුදු රෝස මල් බාස්කට් එකකුත් අතේ තියගෙන හිනා වෙවී බලන් හිටියෙ අහස දිහා

ඒ දිහා ටික වෙලාවක් ජිමින් බලන් ඉද්දි ඒ හිටිය ගෑණු කෙනා ජිමින් දිහා බලලා කොල්ල එක්ක හිනා වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඒ දිහා ටික වෙලාවක් ජිමින් බලන් ඉද්දි ඒ හිටිය ගෑණු කෙනා ජිමින් දිහා බලලා කොල්ල එක්ක හිනා වුනා.දුර ඉදන් වුනත් ඒ ගෑණු කෙනා බලන් හිටියෙ කොල්ලගෙ ඇස් දෙක දිහාමයි.

ඒ ගෑණු කෙනාගෙ ඇස් දිහා බලන් ඉද්දි ජිමින්ට ටිකක් විතර අමුත්තක් දැනුනත් කොල්ලත් ඒ ගෑණු කෙනා එක්ක හිනා වුනා.

ජිමින් ඒ ගෑණු කෙනා එක්ක හිනා වුනාට පස්සෙ එතන හිටිය ගෑණු කෙනා ජිමින් ලගට ආවා.ඒ ගෑණු කෙනා ජිමින් ලගට ආවට පස්සෙ පොඩ්ඩක් විතර කොල්ල පුදුම වුනත් කොල්ල වෙනසක් නොපෙන්වා හිටියා.

" මිස් ඔයාට මොකක්හරි උදවුවක් ඕනෙද ? "

ජිමින් ඉදගෙන හිටිය තැනින් නැගිටලා එහෙම අහද්දි ඒ ගෑණු කෙනා ජිමින්ට තමන්ගෙ සුදු රෝස් මල් බකට් එකේ මැද්දෙ වගේ තිබ්බ රතු රෝස මලක් දික් කරා.

" මේක ගන්නකෝ."

ඒ ගෑණු කෙනා ජිමින් දිහා බලන් එහෙම කියද්දි කොල්ල ඒ ගෑණු කෙනා දිහා ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියා.

" මට ඇයි මේක දෙන්නෙ ? "

"මට ඔයාගෙන් ගොඩක් ලොකු උදවුවක් ඕනේ .ඔයාට පුලුවන්ද මෙන් වෙනුවෙන් අර අතන ඉන්න පිරිමි කෙනාට මේ මල ගිහින් දෙන්න."

ඒ ගෑණු කෙනා එහෙම කියලා තමන්ගෙ අතින් පැත්‍තක් පෙන්නද්දි ජිමින් ඒ දිහා හැරිල බැලුවා .ඒ වෙලාවෙ තමා කොල්ල දැක්කෙ ටිකක් ඈතින් වෙන්න පිරිමි කෙනෙක් හන් ගග දිහා බලාගෙන ඉන්නවා

🅜🅨 🅡🅞🅜🅔🅞 || 🅨🅞🅞🅝🅜🅘🅝|| 🅒🅞🅜🅟🅛🅔🅣🅔Where stories live. Discover now