🖤 Chapter 14 🖤

484 125 7
                                    

ජන්කුක් ජිමින්ව කැබින් එකේ තනි කරලා ගියාට පස්සෙ ජිමින් තමන්ගෙ කැබින් එකෙන් එළියට ඇවිත් ගියෙ ජන්කුක්ගෙ කැබින් එකට.

ජිමින් ජන්කුක්ගෙ කැබින් එකට යනකොට ජන්කුක් හිටියෙ තමන්ගෙ කැබින් එකේ තියෙන බැල්කනි එකට වෙලා ඈතින් පේන නම්සන් ටවර් එක දිහා බලාගෙන.

ජිමින් ජන්කුක් ගාවට ගිහින් හිටගනිද්දි ජන්කුක් තමන්ගෙ ඇස් වලින් වැටෙන කදුලු පිහදගත්තා.

" කුකී හ්‍යුන්ට සමාවෙන්න.හ්‍යුන් ඒක හිතල නෙමේ කිව්වෙ.මට ඒක කියවුනා."

" ඒකට කමක් නෑ."

" ඔයා තාමත් ටේට ආදරෙයිද කුකී."

" ඔව්.කොහොමද හ්‍යුන් ඒක ලේසියෙන් අමතක කරන්නෙ.එයා මගෙ පලවෙනි ආදරේ.එයාට එහෙම මාව අමතක කරන්න පුලුවන් වුනාට මට ඒක ලේසියෙන් කරන්න බෑ.මන් ඒ ආදරේ කොහොමහරි අමතක කරන්නෙ.අමාරු වුනත් මන් ඒක කරන්න ඕනේ.මොකද එයා මට අයිති නෑ දැන්.

එයා දැන් මැරි කරපු කෙනෙක් හ්‍යුන් .ලස්සන වයිෆ් කෙනෙක් බබෙක් ඉන්නවා.එයා ගොඩක් සතුටින් ජීවත් වෙනවා.මට එයා ලගට යන්න ඕනේ නෑ.එයාට මාව එකපාරක් එපානම් මට එයාව සියපාරක් ඕනෙ නෑ."

" කුකී මන් ඒක මතක් කරන්න හිතුවෙ නෑ ඔයාට.මන් හිතුවෙ නෑ ටේ ඔයාට එහෙම කරයි."

" කාලෙන් කාලෙට මිනිස්සු වෙනස් වෙනවා හ්‍යුන් .අවුරුදු ගාණක් ආශ්‍රය කරාම තමා තේරෙන්නෙ ඒ සම්බන්දෙ ගැලපෙනවද නැද්ද කියලා.

ඔයා කොහොමත් දන්නවනේ හ්‍යුන් මාත් කාටවත් සෙකන්ට් වෙන්න කැමති කෙනෙක් නෙමේ කියලා.ඔය ඒලියන්ට කොහෙත්ම නෑ.එයා එක ළමයනේ හැදුවෙ මන් හදනවා දෙන්නෙක්.කිම් ටේහ්‍යුන් දන්නෙ නෑ තාම මේ පාක් ජන්කුක් කියන්නෙ කවුද කියලා."

" ටේ එක්කද ළමයි හදන්නෙ ? "

" ඈ .ඩිග්‍රි එක ගත්තෙ පගාවක් දීලාද හ්‍යුන් .මන් කොහොමද කොල්ලෙක් එක්ක ළමයි හදන්නෙ."

" ඒ කියන්න කෙල්ලෙක්ද ? "

" ඇයි ඔයා හිතුවෙ මාව එපා කියලා ගිය මනුස්සයෙක් ගාවට ආයෙ මන් යයි කියලාද .ඒක නම් කීයටවත් වෙන්නෙ නෑ.එක්කො තනිකඩ ජීවිතේ සැපයි හ්‍යුන් .කාටවත් ඕන විදිහට ජීවත් වෙන්න ඕනෙ නෑ.නීති නෑ.ෆුල් ෆී එකේ හැපි එකේ කාටහරි ටෝක් පාරක් දාන් ඉන්න පුලුවන් ."

" අනේ මන්දා ඔයානම්.ඒ ඔයා කිව්ව නේද මාව බලන්න කවුරුහරි එනවා කියලා."

" ඔව්.මේ සැරේනම් ලේසි වෙන්නෙ නෑ හ්‍යුන් .ඔයාට මැරි කරන්නම් වෙනවා."

" අපෝ නෑ.මට පූස් නැත්තන් වෙන කවුරුවත් එපා.මොනාහරි කරලා මාව බේරගන්නවකො කුකී."

" ඇයි ඔයාගෙ කේන්තියට මොනවත් කරන්න බැරිද ? "

" අනා මගෙ පැටියෝ .ඔයා මගෙ සුදු අම්මියනේ.හ්‍යුන්ට උදව් කරන්නකො රත්තරන් ."

" මගෙ ප්‍රශ්නයක් නෙමේනෙ ඒක.අනික කරා කියලා මට මොනාද ලැබෙන්නෙ."

" අර ඔයා ඕනෙ කියපු ස්පෝට් කාර් එක මන් අරන් දෙන්නම්."

ජිමින් එහෙම කියද්දි ජන්කුක් මූණෙ සෙල්ලක්කාර හිනාවක් ඇදුනා.ජන්කුක් ජිමින්ට උත්තරයක් දෙන්න කලින් ජිමින්ගෙ ෆෝන් එක රින් වෙන්න ගත්තා.

To be continue

මොනා වෙයිද දන්නෙ නෑ ඉතින් .බලමුකෝ .

ජන්කුක්ව තනි කරන්නද  මන් ? 😌😌😌

ජන්කුක් ටේ දෙන්න ආයෙ එකතු වෙන්නෙනම් නෑ.😌😌😌 ටේ ආයෙ ජන්කුක් හොයන් ආවත් ජන්කුක්නම් ආයෙ යන පාටක් නෑ.

සරංහේ .
Bunny Queen
💜️💜️💜️💜️

🅜🅨 🅡🅞🅜🅔🅞 || 🅨🅞🅞🅝🅜🅘🅝|| 🅒🅞🅜🅟🅛🅔🅣🅔Where stories live. Discover now