🖤 Chapter 18 🖤

517 125 25
                                    

"ප්‍රොෆෙසර් මින් "

ජිමින් ඉස්සරහ ඇවිත් ඉදගත්තෙ යුන්ගි.මෙච්චර වෙලා කතා කරන්නෙ කොහොමද කියලා කල්පනා කර කර වුනත් කොල්ලට කියවුනේනම් ප්‍රොෆෙසර් මින් කියලා.

" කොහොමද ජිමින් ? මන් දන්නවා ඔයා අනිවාර්යයෙන් එනවා කියලා."

"කොහොද මනුස්සයො ගිහින් හිටියෙ "

ඒ විදිහට කොල්ලගෙ හිත කෑගැහුවත් කොල්ල එහෙම කියන්න ගියෙ නෑ.මොකද යුන්ගි තාම ජිමින්ගෙ ප්‍රොෆෙසර් නිසා.

ජිමින් මොනවත් කියන්නෙ නැතුව යුන්ගි දිහා බලන් හිටියා.

" ජිමින් "

යුන්ගි එහෙම කියන ගමන් ටේබල් එක උඩ තිබ්බ ජිමින්ගෙ අත අල්ලද්දි ජිමින්ට දැණුනෙ නිකන් පියාඹනවා වගේ ෆීලින් එකක්.

ජිමින් යුන්ගිගෙ ගැඹුරු ඇස් දිහා බලන් ඉද්දි කොල්ලට නිකන් දැනුනෙ තමන් පිච්චිලා යනවා වගේ හැගීමක්.

ජිමින් විතරක් නෙමේ මේ වෙලාවෙ යුන්ගි වුනත් හිටියෙ තමන්ගෙ හිතත් එක්ක ගොඩක් ලොකු තරගෙක.ජිමින්ගෙ රෝස් පාට කම්මුක් ඒ ලිප්ස් දැක්කම යුන්ගිට තමන් කියන්න ඕන දේවලුත් අමතක වුනා.ඒ වෙලාවෙ කොල්ලට තේරුනේ එක දෙයයි.ඒ ජිමින්ගෙ එක ස්පර්ශයකින් වුනත් තමන්ව ඇවිස්සෙනවා කියන එක

" ඇයි ප්‍රොෆෙසර් මින් ? "

ජිමින් අහක බලාගෙනම එහෙම කිව්වෙ තමන්ගෙ  shirt  එකේ උඩ බට්න් දෙක ගලවලා හොද හුස්මක් ගන්න ගමන්.මොකද ඒ වෙනකොටත්  AC එකේම කොල්ලට දාඩිය දාලා තිබ්බෙ.හැබැයි ඒකෙන් වුනේ යුන්ගිගෙ ඉවසීම පරීක්ෂා වෙන එක.යුන්ගි අමාරුවෙන් තමන්ව පාලනය කරගත්තා මොකද ජිමින් කියන්නෙ තාමත් එයාට අයිති දෙයක් නෙමේ නිසා.

" ප්‍රොෆෙසර් මින් කියන්න එපා.මන් දැන් ඔයාගෙ ප්‍රොෆෙසර් නෙමේ.ඒක හින්දා මගෙ නමින් කතා කරන්න."

" එහෙම කතා කරන්න අපි දෙන්න අතර ප්‍රොෆෙසර් ස්‍ටුඩන්ට් රිලේෂන්ශිප් එකට අමතරව වෙන මොනවහරි රිලේෂන්ශිප් එකක් තියෙනවද ? "

ජිමින්ට දැනගන්න ඕන වෙලා තිබ්බ දේ කොල්ල ඒ විදිහට අහද්දි යුන්ගි මොනවත් කියන්න ගියෙ නෑ."

" ප්‍රොෆෙසර් මින් මන් ඔයාගෙන් අහන්නෙ.එහෙම මොනාහරි අපි අතර තියෙනවද ? මන් ඔයාගෙ ස්ටුඩනට් කෙනෙක් විතරයිනේ."

" නෑ.ඔයා මට ස්ටුඩනට් කෙනෙක් නෙමේ."

"එහෙනම් "

" I love you "

යුන්ගිගෙ කටින් එහෙම වචනයක් පිටවෙද්දි ජිමින්ට හදවත පාටියක් දාන ගමන් හිටියෙ.

" But I hate you ? "

" Really "

යුන්ගි එහෙම කියන ගමන් ජිමින්ගෙ මූණට නැඹුරු වෙද්දි

" ඔය මොකක්ද කරන්නෙ යන්නෙ ? "

" ඒ කියන්නෙ මට ආදරේ නෑ නේද කොල්ලො ? "

" මන් ආදරේ කරත් නැතත් ඔයාට මොකද ? දැන් මේ ඔයා අයින්වෙනවද ? "

" අයින්වෙන්න නෙමේ මන් ආයෙ ආවෙ ? "

" ඉතින් "

" මන් කොහෙද ගියෙ කියලා අහන්න ඕනේ නැද්ද ? "

යුන්ගි එහෙම කියන ගමන් ආයෙ තමන් හිටිය තැනින් ඉදගනිද්දි

" කියන්න ඉතින් .මන් අහන් ඉන්නෙ ? "

" හොදයි.ඔයා දන්නවනෙ ජිමින් ස්ටුඩනට් කෙනෙක් අතරයි ප්‍රොෆෙසර් කෙනෙක් අතරයි රිලේෂන්ශිප් එකක් ඇති වෙන එක දෙන්නටම හොද නෑ කියලා.ඔයාව ලෙක්චර් හෝල් එකේදි දැක්ක පලවෙනි දවසෙම තමා මන් ඔයාට කැමති වුනේ . මගෙ හිතේ ඔයා ගැන ආදරයක් තිබ්බත් මන් ඒක කිව්වෙ නැත්තෙ ඔයා ස්ටුඩනට් කෙනෙක් නිසා.ඒකයි මම යුනිවර්සිටි එකෙන් අයින් වුනේ.මන් හිතුවෙ ඔයා ඩිග්‍රි එක කම්ප්ලීට් කරලා ඉවර වුනාට පස්සෙ මේ ගැන කියන්න.ඒකයි මම යුනිවර්සිටි එකෙන් අයිවෙලා යූඑස් ගියේ."

" මට අවුරුදු හතක් ගියාද මනුස්සයො ඩිග්‍රි එක ඉවර කරන්න.ඉවර කරන්න මාස ගාණයි තිබ්බෙ.ඒකත් කමක් නෑ .අවුරුද්දක් වුනා කියමුකෝ .ඉතිරි අවුරුදු හයේ පොල් ගාන්නද යූඑස් වල හිටියෙ."

ජිමින් යුන්ගිට බැනගෙන යද්දි යුන්ගිනම් හිටියෙ ජිමින් දිහා බලාගෙන හිනාවෙවී.

To be continue .

ඔන්න යුන්ගි කිව්වා ජිමින්ට.

යුන්ගි ඉතිරි අවුරුදු හයේ මොනාද කරේ කියලා ඊලග චැප්ටර් එකෙන් කියන්නම්.

යුන්ගි ඉතිරි අවුරුදු හයේ මොනාද කරේ කියලා ඊලග චැප්ටර් එකෙන් කියන්නම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Happy Army Day Guys

සරංහේ .
Bunny Queen
💜️💜️💜️💜️

🅜🅨 🅡🅞🅜🅔🅞 || 🅨🅞🅞🅝🅜🅘🅝|| 🅒🅞🅜🅟🅛🅔🅣🅔Where stories live. Discover now