01

232 27 0
                                    

"ගුඩ් මෝනින් කොටෝ"

කොහෙන්දෝ ඉඳලා පාත්වුණු ටේහ්‍යුන්, ජිමින්ගෙ ඔළුවට පොතකිනුත් ගහලා දිව්වෙ එහෙම කියන ගමන්.

ටේහ්‍යුන් කියපු දේ තඹේකට ගණන් නොගත්තු ජිමින් ඔළුව නවාගෙනම ඔහේ පන්තිය දිහාවට ඇවිදගෙන ගියා.

ඕක ඉතින් හැමදාම වෙන දේ.

ජිමින් එනවා උදේ පාන්දර කුකුළත් අරන් ඉස්කෝලේ.

ටේහ්‍යුන් ඇවිත් ගුඩ්මෝනින් කියලා ජිමින්ගේ ඔළුවට ගහගෙන යනවා.

ජිමින් ඒක ගණන් නොගෙන ඔහේ පන්තියට යනවා.

එච්චරයි.

ජිමින්ට මේ මුළු ඉස්කෝලෙන්ම එහෙම කතා කරන්න හිටියෙත් ටේහ්‍යුන් විතරයි.

ටේහ්‍යුන් උනත් ජිමින් එක්ක එහෙම කතාකළේ මේ ළඟකදි ඉඳන්.

හරියටම කිව්වොත් ඉස්කෝලෙ වාර විභාගෙදි දෙන්නා අනුයාත ඩෙස් දෙකකට වැටුණු වෙලේ.

ලයිට් කණුවක් පේපරේට දාගන්න ගිය ටේහ්‍යුන්ට සර්පයා මාක් එකක් යන්තමට දාලා දුන්නෙ ජිමින් නිසයි ටේහ්‍යුන් ජිමින් එක්ක කතා කළේ එහෙම හරි.

ඒත් එයා දන්නෙ නෑ ජිමින් එහෙම කළේ ටේහ්‍යුන්ගෙ කරදරේ ඉවසන්න බැරුව කියලා.

නැතුව යාලුකමකට නෙවේ.

පන්තියේ කොණේම තියෙන ඩෙස් එකේ වාඩි වෙලා ඉන්න බෝතල්අඩි කණ්ණාඩි දාපු කපුටු කූඩු කොණ්ඩයක් තියෙන ජිමින්ගෙන් මේ ඉස්කෝලෙ ඉන්න අවුරුදු 5 පුරාම ටීචර්ලා "ඔය ළමයා අළුතෙන්ද ආවෙ?" කියලා අහපු වාර ගාණ සුළුපටු නෑ.

ඇත්තටම කිව්වොත් ජිමින් කියන්නෙ කවුද කියලා දන්නෙ ජිමින්ගෙ පන්තියෙ ළමයි විතරයි.

ඒ පන්තියෙ මිස් රෙජිස්ටරේ මාක් කරද්දි හැමෝම අත උස්සන්න ඕනි නිසා.

ආ තව එයා ලස්සනට නටන නිසා.

ඒත් ඉතින් ජිමින්ටනම් මේ වෙනකොට ඔය නැටුම් කෙරුවාවත් පේන්න බැරුව හිටියේ.



















දෙන්නං කියල පොරොන්දු උනු කතා ලොට් එකක් තියාගෙන පිස්සු කෙලින මට ඇස්වහක් කටවහක් වදින්නෙපා. 😊

මගේ පළවෙනි යූන්මින් කතාව. මගේ writing style එක සම්පූර්ණයෙන්ම වෙනස් කරලා ලියන්නෙ.

අදහසක් කියාගෙන යන්න.

Nuuni_Nim

Shorty (YoonMin- Completed) 😾🐥 Where stories live. Discover now