03

116 20 0
                                    

ජිමින්ට මුලින්ම පෙනුණේ ඒ පිරිමි ළමයගේ බෙල්ල.

මෙයානම් පොල් ගහක් නෙවෙයි වගේ ජිමින් එහෙම හිතුවෙ එයාගෙ ඇස් හෙමින් හෙමින් එයාගෙ බෙල්ලෙ ඉඳන් උඩට ගෙනියන ගමන්.

කරුගරුඬ පාට හමක් තියෙන ඒ පිරිමි ළමයගෙ බෙල්ල, ඇඩම්ස් ඇපල් එක, නිකට, ලා රෝස තොල්, පූස් ඇස්, තද කළුපාට කූරු කොණ්ඩේ....

මේ හැමදේම ජිමින් එයාගෙ හාඩ් ඩිස්ක් එකේ දාගත්තෙ බොහොම ඉක්මණට.

"හෙලෝ!"

ඒ පිරිමි ළමයා එයාගෙ ගැඹුරු හඬින් එහෙම කියද්දි ජිමින් ගැස්සිලා ගිය බව නොපෙන්නා ඉන්න ජිමින් ගත්තෙ ලොකු උත්සාහයක්.

"අ-අහ්-ම්-හ්-හෙ-"

ඉස්කෝලෙ ආපු අවුරුදු පහටම ජිමින් ගුරුවරු ඇරුණාම කතාකරන දෙවෙනි 'ළමයා' තමා මෙයා.

ඉතින් ජිමින් කලබලවෙන එක අහන්නත් දෙයක්ද?

"මන් මින් යූන්ගි.. ඔයාට නෝට් නැතුවැති. මං ඉන්නෙත් ඔයාගෙ පන්තියෙමයි"

ජිමින් පන්තියෙ හිටියට කවදාවත් කිසි කෙනෙක් එක්ක කතාවට නොගිය නිසා ඇත්තටම ජිමින් පන්තියෙ ඉන්න ළමයිවවත් දැනන් හිටියේ නෑ තමා.

ජිමින්ට දැන්නම් ඒක ගැන දැනුණෙ පොඩි ලැජ්ජාවක්.

"ආහ්..." ජිමින් එහෙම කියන ගමන්ම පහලට රූටලා ආපු තමන්ගෙ බෝතල් අඩි කණ්ණාඩිය හරිගැස්සුවා.

"අද අපි දෙන්නා නටමුද?"















නටයිද?

Nuuni_Nim

Shorty (YoonMin- Completed) 😾🐥 Where stories live. Discover now