08

102 19 7
                                    

අහන්න දෙයක්!

ජිමින් තනියම කල්පනා කළා.

අඳුරගෙන දවසක්වත් නැති මෙයා මගෙන් මොනා අහන්නද?

"මං අහන්නද?" යූන්ගි ආයෙත් ඇහුවා.

එයාට එයාගෙ ප්‍රශ්නෙ අහනකන් ඉවසිල්ලක් නෑ වගේ.

ජිමින් මුකුත්ම නොකියා ඔලුව වැනෙවෙ ප්‍රශ්නෙ අහන්න කියන්න වගේ.

"ඔයාට... ඉන්නවද?" යූන්ගි මුල් ටික කිව්වෙ ජිමින් දිහා බලාගෙන. ඒත් අන්තිම ටිකේදි යූන්ගිගෙ ඇස් ගියේ ජිමින්ගෙ පිටිපස්සෙන් තිබුණු ජනේලෙට.

හරියට එයාට ජිමින්ගෙ ඇස් මඟාරින්න ඕනි වුණා වගේ.

"ඈහ්!" ජිමින්ගෙ කටින් දෙපාරක් නොහිතම පිටවුණේ එයාට යූන්ගිගෙ ප්‍රශ්නෙ හරියට තේරුන්නැති නිසා.

"ආශ්! මං අහන්නෙ ඔයාට ආදරේ කරන කෙනෙක් ඉන්නවද කියලා" යූන්ගි කිව්වෙ පොඩි නොරිස්සුමකින්.

ඒ ප්‍රශ්නෙත් එක්ක ජිමින් ලොකු හුස්මක් අරගත්තා.

හරියට ලොකු කතාවක් කියන්න වගේ.

"ම්ම්...... ඔව්..."





















හරිම අගෙයි, නැද්ද? 🙂💔

Nuuni_Nim

පලි- අප්ඩේට් පරක්කුවට සමාව බාජනේකටවත් දාලා දෙන්ට 🙂💔 ඕතර්ට ටෙස්ට් එකක් තිබුණනේ...

Shorty (YoonMin- Completed) 😾🐥 Where stories live. Discover now