04

113 21 5
                                    

යූන්ගි එහෙම අහද්දි ජිමින් පුදුමෙන් යූන්ගි දිහා බැලුවා.

ඇයි වෙනදට කවුරුත් එයත් එක්ක නටන්න අහන්නෙ නෑනේ.

ඉතින් අන්තිමේදි නැටුම් භාර සර් තමයි එයාට ඩාන්සින් පාට්නර් කෙනෙක් හොයලා දෙන්නේ.

ඒ නිසා තමයි ජිමින්ට යන්තමට හරි ළමයි කීපදෙනෙක්ව මතක!

"මෙහෙමයි, මං වෙනදට ඩාන්ස් කරන්නෙ මගේ බෙස්ටා එක්ක, ජන්කුක්.."

යූන්ගි එහෙම කියන ගමන්ම ජන්කුක් දිහාවට අත දික් කළා.

"එයයි ටේහ්‍යුනුයි දැන් ජෝඩු වෙලානෙ... දැන් ඌට මාව මතක නෑ.."

එහෙම කියද්දිනම් යූන්ගි බිම බලාගත්තෙ දුකින් කියලා ජිමින්ට තේරුණා.

"අනික ඉතින් ඔයාට හොඳට ඩාන්ස් කරන්නත් පුළුවන්නේ... මටත් පුළුවන් ඔයාගෙන් අහගෙන ඉගෙන ගන්න... ප්ලීස්..."

ලොකු බලාපොරොත්තුවකින් තමන් දිහා බලාගෙන ඉන්න යූන්ගිව දැක්කාම ජිමින්ගෙ හිත දියවෙලා කකුල් දෙක ළඟටම බේරිලා ගියා.

"අහ්... හරි.."

ජිමින් එහෙම කිව්ව ගමන් යූන්ගි කළේ ජිමින් කීයටවත් නොහිතපු දෙයක්.

එයා ජිමින්ව වඩාගෙන වටයක් කරකැව්වෙ හයියෙන් කෑ ගහන ගමන්.

"ඕයේ!! තෑන්ක්ස් ජිමින්...!!! ලව් යූ!!"

යූන්ගි එහෙම කියලා කෑගහද්දි එතන ඉඳපු ළමයිනුත් හැරිලා බැලුවා.

ජිමින් දැන්නම් තක්කාලි ගෙඩියක් වගේම රතුයි.

එයා වැටෙයි කියන බයටත් එක්ක යූන්ගිගෙ උරහිස ටිකක් තදින් අල්ලගත්තා.

ටිකකින් ජිමින්ව බිමින් තියපු යූන්ගි ඊළඟට කරපු දේ නම්...

ජිමින්ගේ රෝස පාට කම්මුල් උඩ යූන්ගි එයාගෙ ලා රෝස පාට කම්මුල් තදකළා.

ඒ කියන්නේ,

යූන්ගි ජිමින්ට කිස් එකක් දුන්නා!!!










ඒකත් මරු හැබැයි, නැද්ද?

Nuuni_Nim

Shorty (YoonMin- Completed) 😾🐥 Where stories live. Discover now