16

96 20 6
                                    

දැන් කවුරුහරි ජිමින්ව පෙන්නලා

"මේ ඉන්නෙ පන්තියෙ කාත් එක්කවත් කතා නොකර ඉඳපු ජිමින්"

කියලා කිව්වොත් එහෙම එයාට කන්න වෙන්නෙ හොඳ සෙරෙප්පු පාරක් තමයි.

මොකද දැන් ඉන්න ජිමින් සම්පූර්ණයෙන්ම ඒකෙ අනිත් පැත්ත.

පන්තියෙ ඉන්න හැමෝමත් එක්ක කතා කරලා සහයෝගෙන් හිනාවෙලා ඉන්න ජිමින් කෙනෙක්.

ජීවිතේ අවුරුදු දාහතක්ම වෙනස් නොවුණු ජිමින්ව සම්පූර්ණයෙන්ම කණපිට ගහන්න යූන්ගිට ගියේ මාස කීපයයි...

කොල්ලා දස්සයා...

දැන් ජිමින් වෙනදට වඩා ගොඩක් සතුටින් ඉන්නේ...

දැන් තමයි කට්ටිය ඇත්තටම ජිමින් කියන්නෙ කවුද කියලා දැනගත්තේ...

ජිමින්ට ලස්සනට නටන්න පුළුවන් කියලා කට්ටිය දැනන් හිටියා තමයි, ඒත් කවුද හිතුවෙ ජිමින් දක්ෂ බැලරිනා කෙනෙක් කියලා?

ඇයි තව එයාට ලස්සනට සින්දු කියන්නත් පුළුවන්...

ආ.. නැටුම් කියද්දි මතක් වුණේ... ජිමින්ගෙයි යූන්ගිගෙයි නැටුම... ඒක දැන් හරි ප්‍රසිද්ධයි.

ඔන්න එයාලා ඒ නැටුම තරඟෙකටත් ඉදිරිපත් කරලා....

හැමදේම ලස්සනට ගලන් යනවා නේද?


මොන පිස්සුද!?



ජිමින් ඉන්නෙ ලොකු අවුලක පැටලිලා...

ජිමින් යූන්ගිට ආදරෙයි.....

ඒත් එයා ඉන්නෙ බයෙන්. ඒක කියාගන්න බැරුව.

එයාට ඕනිවුණේ නෑ යූන්ගිව නැති කරගන්න ඒ නිසා.

මේ දේවල් ගැන ඔහේ කල්පනා කරන ජිමින් ඉස්කෝලේ නිස්කලංකම තැනක තිබුණු රොබරෝසියා ගහට හේත්තු වෙලයි හිටියේ.

"කොටෝ!!!"

වෙන කවුද ඉතින් ඔහොම කෑගහන්න ඉන්නෙ? යූන්ගි මිසක.

යූන්ගි දුවගෙන ඇවිත් ජිමින්ගෙ කරේ එල්ලුණේ පුරුද්දට වගේ

"මේ මං කොට නෑ!" ජිමින් එහෙම කිව්වෙ යූන්ගි දිහා රවලා බලන ගමන්...

"යැයි යැයි තමා.... මේ... අද යන්න එනවා නේහ්?" යූන්ගි අහද්දි ජිමින් යූන්ගි දිහා බැලුවෙ පුදුමෙන්..

"කොහෙද?"





















ඒකතමයි කොහෙද? 😒😏🤫

Nuuni_Nim

Shorty (YoonMin- Completed) 😾🐥 Where stories live. Discover now