18

102 20 6
                                    

"වාව්! අනේ මෙතන මාර ලස්සනයි නේ"

ජිමින් එහෙම කියන ගමන් වටපිට බල බලාම ඉස්සරහට ඇවිදගෙන ගියේ යූන්ගිත් ජිමින්ගේ පස්සෙන්ම ඇවිදගෙන එද්දි.

"මේ.... බලන්නකෝ හැමතැනම කණාමැදිරියෝ..... අර... තව මොනවද මන්දා දිලිසෙන මල් වර්ගයක් එහෙමත් තියේ..."

ජිමින් හිටියේ එතන තිබුණු ලස්සනට වශීවෙලා.

එතනට ජිමින් වශීවෙන එකේ පුදුමෙකුත් නෑ.

ජනාකීර්ණ සෝල් නගරේ කොණටම වෙන්න හන්ගඟේ අතුගංගාවක ඉවුරක් වුණු මෙතන තනිකරම මායා ලෝකයක් වගේ.

රෑ හඳඑළියෙන් ලැබෙන මලානික නිල් පාට
එළිය, කිටි කිටියේ හැමතැනම පියාඹන පුංචි පුංචි කණමැදිරියෝ, තැනින් තැන පිපිලා තියෙන රෑට දිලිසෙන මල්....

ඒ හැමදේම හරියට ලස්සන සුරංගනා කතා පොත්වල කියන තැන් වගේ...

"ඔයා කොහොමද මෙතන හොයාගත්තෙ?"

ජිමින් තාමත් මෙතන ලස්සන රසවිඳින ගමන්. එයාට මතකත් නෑ එයා යූන්ගිගේ ඇඟිල්ලක් තදින් අල්ලගෙන ඉන්නේ කියලවත්.

"ඒවා රහස්!" යූන්ගි එහෙම කියලා තමන්ගේ කොලර් එකත් හදන ගමන් කිව්වේ ජිමින්ව අවුස්සන්න හිතාගෙන.

"අනේ! අනේ ඔයා හොඳයිනේ! කියන්නකෝ!"

ඇස්දෙකත් බෝල කරගෙන තොලුත් උල්කරන් තමන් දිහා බලන් ඉන්න ජිමින් දැක්කම යූන්ගිට තවත් එයාව පාලනය කරගන්න පුළුවන්කමක් තිබුණේ නෑ.

ඇසිපිය ගහන වේගෙට ජිමින්ගේ ඉණෙන් අල්ලලා තමන් ළඟට ඇදලා ගත්තු යූන්ගි ජිමින්ගේ පිරුණු තොල් හාදුවකට ඇදලා ගත්තා.


























ජිමින් යූන්ගිට බනීද දන්නෑ ☹️🤷
නැත්තං එයාව රිජෙක්ට් කරොත් 😌😏

සමාවෙන්න ඕනි පරක්කුවට... ඕතරීට උණ 🙂💔 හෙට සමන්දේවාල පෙරහැර බලන්න යන්න හිටියේ.. ඒකත් ඉවරයි 🤧

Nuuni_Nim

Shorty (YoonMin- Completed) 😾🐥 Where stories live. Discover now