05

106 19 3
                                    

කිස් එකක්!!!

ජිමින්ගේ හිත කෑගැහුවා.

ඒත් පිටට නම් පේන්න තිබුණේ ජිමින් ඇසුත් ලොකු කරගෙන යූන්ගි දිහා බලන හැටි විතරයි.

මේක ලිප් කිස් එකක් නෙවෙයි තමා, ඒත් මේකත් කිස් එකක්! ඔම්මාගෙන් නැතුව එයාට කිස් එකක් ලැබුණේ යූන්ගිගෙන් විතරයි.

ජිමින් කොච්චර කලබල වෙලාද කිව්වොත් එයා වෙව්ලන්නත් පටන් අරන්.

ඒත් යූන්ගිට නම් ඒ ගැන වගේ වගක් තිබුණු බවක් පේන්න නෑ.

ඒකටනම් ජිමින්ට ටිකක් දුක හිතුණා.

ඒත් ඒ ගැන වැඩිපුර නොහිතා ඉන්න ජිමින් තීරණය කළේ බොරුවට ප්‍රශ්න දාගන්න ඕනි නැති නිසා.



ටික වෙලාවක් යනකොට සර් ළමයින්ට කතා කළා.

"ළමයි... අපේ ඉස්කෝලේ කොන්සට් එකත් ළඟ එනවනේ... ඉතින් ඒකටත් මේ කපල් ඩාන්ස් එකක් දාන්න කියලයි අපි බැලුවේ.. ඒකනිසා අද හොඳටම ඩාන්ස් කරන කපල් 5 අරගෙන අපි පොඩි අයිටම් එකක් කරනවා...ඒක නිසා අද ඔයාලගේ උපරිමේ ම කරන්න ඕනි හොඳද?"

ඒක ඇහුවම ජිමින්ටනම් දැනුණේ ලොකු සතුටක්.

එයා මේ ලෝකෙන්ම කරන්න ආස දේවල්වල ඉහළින්ම හිටියේ ඩාන්සින්.

ඉතින් ජිමින්ටත් ඕනි වුණේ කොහොමහරි
හොඳම කපල් 5 අතරට යන්න.

ඒත් ජිමින්ගේ හිතේ පොඩි බයකුත් තිබුණා.




මට යූන්ගිත් එක්ක ඒ දේ කරන්න පුළුවන් වෙයිද.?













පුළුවන් වෙයිද?

Nuuni_Nim

Shorty (YoonMin- Completed) 😾🐥 Where stories live. Discover now