11

97 19 6
                                    

එයා ජිමින්ව තමන්ගෙ පැත්තට හරෝගෙන එයාගෙ පපුවට තද කරගත්තා...

ජිමින්ට යූන්ගිගේ පපුවෙ ගැස්මත් ළගින්ම දැනුණා..

ටේමින්ගෙගේ ටච් එකකදි දැණුන අපහසුවට වඩා ජිමින්ට යූන්ගි ළඟදි දැනුණේ ලොකු පහසුවක්...

ඉතින් ජිමින් මෙච්චර කාලයක් හිර කරන් හිටපු ඔක්කොම කඳුලු යූන්ගිගෙ පපුව උඩ දියකරලා දැම්මා.

ජිමින්ට යූන්ගිව හම්බෙලා දවසක්වත් තාම ගෙවිලා ඉවර නැති උනාට ජිමින්ට එයාගෙ ළඟ දැනුණේ ලොකු හුරුපුරුදු කමක්... පහසුවක්.

යූන්ගිත් ජිමින් අඬලා ඉවරවෙනකන්ම වචනයක්වත් කිව්වෙ නෑ...

එයා දිගටම එක අතකින් ජිමින්ගෙ ඔලුව අතාගාන ගමන් අනිත් අතින් ජිමින්ගේ අතක් අල්ලගෙනම හිටියා.

ජිමින් අඬන එක නවත්තකනකන්ම යූන්ගි එහෙමම හිටියා..

ජිමින් එයාට ඇති වෙනකන් අඬලා ඉවර වුණාට පස්සෙයි යූන්ගි දිහා බැලුවේ.

රතුවෙච්ච බෝල ඇසුයි නහයයි ජිමින්ට ගෙනාවෙ හරි හුරතල් පෙනුමක්.

යූන්ගිට තේරුණා දැන් එයා ඉන්නෙ එයාගෙ ඉවසීමෙ අන්තිම කට්ටේ කියලා..

ඒ වෙලාවෙම තමා ඉස්කෝලෙ බෙල් එක ගැහුවේ.

"අපි යමු.. මුණ හෝදගෙනම.." යූන්ගි එහෙම කියන ගමන්ම නැඟිට්ටත් ජිමින් තාම ඒ විදියමයි.

"මට දැන් හිතෙනවා මං ඇත්තටම ටේමින්ට ආදරේ කළේ නැද්ද කියලා..."

ජිමින් එහෙම කියද්දි යූන්ගි ජිමින් දිහා පුදුමෙන් බැලුවා.

"ඇයි ඒ?"






















ඇයි ඒ? 😅

Nuuni_Nim

Shorty (YoonMin- Completed) 😾🐥 Where stories live. Discover now