10

94 17 4
                                    

ජිමින් එහෙම කියලා ලොකු හුස්මක් ගත්තා.

ඒ වෙලාවෙ ජිමින්ට දැනුණා යූන්ගිගෙ අතක් ජිමින්ගෙ අතේ පැටලෙන විදිය.

ජිමින් ආයෙම කතා කරන්න පටන් ගත්තා..

"දවසක්... මං ඉන්ටවල් එකේදි එයාව හම්බවෙන්න යනකොට... මට ඇහුණා එයාගෙ යාළුවෙක් මගේ නම කියනවා... මටත් ඉතින් කුතුහලේනේ... මාත් ඉතින් හැංගිලා අහන් හිටියා එයාලා කියන දේවල්..."

ජිමින්ටත් නොදැනිම ජිමින්ගෙ කම්මුල දිගේ ගියපු කඳුළු බින්දුව යූන්ගි හෙමිහිට පිහදලා දැම්මා...

"බලද්දි මම විතරයි ආදරේ කරලා තියෙන්නෙ... එයාට ඕනිවෙලා තියෙන්නෙ එයාට ඕනිම ජෙන්ඩර් එකක කෙනෙක් කැමති වෙනවා කියල පෙන්නන්න විතරයි.."

ජිමින් එහෙම කියලා හැරුණේ යූන්ගි දිහාවට.

"ඔයා දන්නවද එයා මොකක්ද කිව්වෙ කියලා මං ගැන?"

යූන්ගි ඔළුව වැනුවෙ එයා නොදන්න බව කියන්න... ඔවි ඉතින් එයා අහන් හිටියෙ නෑනෙ එතනට වෙලා..

"එයා කිව්වා- එයා- එයාට මං වගේ- කුණු ගොඩකින් ඇති වැඩක් නෑ... මාව ළඟදිම අතාරිනවා කියලා..."

ජිමින් එහෙම අඬනවා බලන්න යූන්ගිට පුළුවන්කමක් තිබුනෙ නෑ..

ඉතින් එයා ජිමින්ව තමන්ගෙ පැත්තට හරෝගෙන-


























හරෝගත්තා ඉතින්.. එච්චරයි 🌝

Nuuni_Nim

Shorty (YoonMin- Completed) 😾🐥 Where stories live. Discover now