12

95 19 4
                                    

"මට ආදරේ ගැන ඒ කාලෙ තිබුණෙ හරි සරල අදහසක්.. දෙන්නෙක් අත්අල්ලගෙන එහෙමෙහෙ යන එක, පුංචි පුංචි තෑගි දෙන එක වගේ බොළඳ දේවල් තමයි ආදරේ කියන්නෙ කියලා මං හිතුවෙ...

ඒත් දැන්..." ජිමින් එහෙම කියන ගමන් යූන්ගිගේ ඇස් දෙක දිහා බැලුවා.

"මට දැනෙනවා ආදරේ කියන්නෙ ඊටවඩා ගොඩක් වෙනස් දෙයක්...

අපි ආදරේ කරද්දි අපිට ඒ කෙනා ගැන ලොකු විශ්වාසයක් ඇතිවෙනවා....

අනික අපිට පුළුවන් අපිම වෙන්න එයා ළඟදි..

එයාලා ළඟදි අපිට අපේ හැම ප්‍රශ්නයක් ම අමතක වෙලා යනවා..."

ජිමින්ගෙ වචනයක් වචනයක් ගාණෙ යූන්ගිගෙ ඇඟම හිරිවැටිලා ගියා.

ඒ ඇයි කියන්නනම් එයා දැනන් හිටියේ නෑ.

යූන්ගිට දැණුනේ ජිමින්ගෙ වචන එයා ගැනමයි කියන්නෙ කියලා...

ඒත් යූන්ගි ඒක හිතලුවක්ම විතරයි කියලා හිත හදාගත්තේ ජිමින්ට එයා ගැන එහෙම දෙයක් හිතෙන්නෙ නැතිබව තමන්ටම කියාගෙන..

"ඔය ළමයි දෙන්නා මොනවද ඔතන කරන්නෙ!?"

තමන්ගෙම ලෝකෙකට සමවැදිලා හිටපු දෙන්නම හරි සිහියට ආවෙ ප්‍රින්සිපල්ගෙ හඬට.

ප්‍රින්සිපල්ගෙ හඬ ඇහුණු ගමන් යූන්ගි ජිමින්වත් ඇදගෙන දුවලා ගියේ තව හිටියොත් මොනා වෙයිද කියලා නොදන්න නිසා...

දෙන්නා පන්තිය ඇතුළට කඩාගෙන බිඳගෙන ඇවිත් එයාලගෙ ඩෙස් වලින් වාඩිවෙලා හිනාවුණා.

ඔයාලට රහසක් කියන්නද?

ජිමින්ට යූන්ගි ළඟ දැනුණේ ලොකු නිදහසක්.. ආරක්ෂාවක්..

විශේෂෙන්ම..

ආදරයක්....



















සලලලලා 🌝💛

Nuuni_Nim

Shorty (YoonMin- Completed) 😾🐥 Where stories live. Discover now