chapter 1

449 39 5
                                    

"චිම් ගිහින් අර නිදි කුම්බරයෝ තුන්දෙනාව නැගිට්ටව ගෙන  එන්න..අද විශේෂ වැඩක් තියෙනවා කිව්වට තාම මුන් තුන් දෙනා නැගිටලා නැහැනේ..අනේ අැත්තට මෙහෙමත්‍ මිනිස්සු.."

🐥"හරි ජින් හියුන්ග් මන් එයාලව නැගිට්ටව ගෙන එන්නම්..

ජුනි හියුන්ග්, යුන්ගි හියුන්ග් , හෝසොක් හියුන්ග් නැගිටින්න..ඉක්මනට නැගිටලා breakfast  ගන්න එන්න.."

ජින් කියපු පමාවටම ජිමින් එයාගේ අනිත් හියුන්ග්ලා නිදාගෙන ඉන්න කාමර වලට දිව්වේ අද කරන්‍න තියෙන විශේෂ රාජකාරියට ඉක්මනට යන්න ඕන නිසයි..අැත්තටම ඒක රාජකාරියත් කියන්නත් බැහැ..ඒත් ඒ දේ මේ පස් දෙනාටම ගොඩක් විශේෂයි..

ජිමින්ගේ කටේ සද්දෙටම හොද නිද්දක හිටපු ජූන් යුන් හෝප් තුන්දෙනා කලබලෙන් නැගිට්ටේ මොකක් හරි කරදරයක් කියලා හිතලා..

🐨"මොකද ජිමින් කෑගහන්නේ..මොකද්ද වෙලා තියෙන්නේ..."
🐥"අය්යෝ හියුන්ග් ඉක්මනට නැගිටලා ලෑස්තිවෙලා කෑම කන්න එන්න..මතක නැද්ද අද අපිට කරන්න තියෙන විශේෂ වැඩේ ගැන.."
🐱"වෙලාවට පාත්ත පැටියා මතක් කලේ..හරි හරි අපි දෙන්නා එන්නම්..හෝබිව අැහැරවන්න.. "

ජිමින්ට එහෙම කියපු යුන්ගි නිදිමතේම නැගිටලා bathroom එක පැත්තට ගියේ ජිමින්  හෝබිවත් නැගිට්ටවන්න එයාගේ කාමරේ පැත්තට යද්දි...

මිනිත්තු 15 ව කට විතර පස්සේ හැමෝම අද ගමනට සූදානම් වෙලා තම තමන්ගේ room වලින් එලියට අාවා..

🐹"දැන් හැමෝම අැවිත් කෑම කන්න..අපි 8.30 වෙද්දි orphanage එකට යන්න ඕන..අන්කල් lee කිව්වානේ අපිට උදේම එන්න කියලා..එයාට මොකද්ද වැඩක් තියෙනවා  කිව්වා.."

🐺"අයිගෝ හියුන්ග් ඒ ගැන හිතන්න එපා..sure එකටම අන්කල් lee අද කානිවල් එකට යනවා අැති.."

🐱"ඔව් එයා කානිවල් එකට ගියොත් ඉතින් එයාව අද අායේ අල්ලනවා බොරු තමා.."

🐹"ඒක තමා කියන්නේ කියව කියව ඉන්නේ නැතුව ඉක්මනට කන්න කියලා"

අන්කල් lee ව උදේම හම්බවෙන්න ඕන නිසාම පස්දෙනා ඉක්මනට කෑම කලා orphanage එකට යන්න පිටත් වුනා..
අන්කල් lee  කියන්නේ orphanage එකේ අයිතිකාරයා..එයාව හම්බවෙන්න තමා මේ පස්දෙනාම ඉක්මනට orphanage එකට යන්න පිටත්වුනේ..
පැය බාගෙකට විතර පස්සේ මේ පස්දෙනාම care taker children orphanage එකට අැවිත් තවත් පරක්කු වෙන්නේ නැතුව අන්කල් leeගේ office room එකට ගියේ එයලා කරගන්න අාපු වැඩේ ඉක්මනට අවසන් කරගන්නයි..

My You (Tk) Slow UpdateWhere stories live. Discover now