chapter 06

129 20 4
                                    

🐥"ටේ දැන් අපි මොකද කරන්නේ.."

ගෙදරට ගියපු ගමන්ම ජිමින්ගේ ප්‍රශ්නේ වුනේ ඒක."

🐯"හියුන්ග් අපි අද වැඩට යමු..ගිහින් අැවිත් මේ ගැන කතා කරමු හරිද.."

🐱"ඔව් තාම 12 වුනෙත් නැහැනේ..තාම පැය 3 වගේනේ ගිහින් තියෙන්නේ අපේ shift එකෙන්..ඒක නිසා අපි යමු.."

🐹"ළමයි ඔයාලා ඉක්මනට අැවිත් wash දාලා ඒ ගැන කතා කරගන්න..මන් අද එද්දි ටිකක් පරක්කුවෙයි..අද birthday order එකකට cake එකක් කුකීස් ටිකයි ඔක්කොම මට තනියම තමා හදන්න වෙලා තියෙන්නේ...මන් ඔයාලට කෑම අරගෙන එන්නම්..පැයක් විතර තමා මන් late වෙන්නේ.."

🐨"හරි එහෙනම්.."

ඉස්සරහට මොනවගේ දෙයක් කරන්නද කියලා කතාකරගන්න එක ටිකකට කල් තියලා එයාලා හැමෝම තම තමන්ගේ රාජකාරි වලට පිටත්වෙලා ගියේ එයාලා හිතපුවත් නැති දේකට එයාලට මුහුණදෙන්න සිද්ද වුන ගැනත් කල්පනා කරගෙනමයි..

දවස වෙනදාට වඩා ගොඩක් කාර්යබහුල වුනේ එයාලට පැය 3 ක විතර කාලයක් මග හැරුනු නිසාද නැත්නම් හිතේ නිදහස නැතිකම නිසාද කියන්න එයාලා කිසිම කෙනෙක් දන්නේ නැහැ...

ඒ විදියට දවස ගෙවිලා ගිහින් එයාලා හැමෝම වෙනදට වඩා ටිකක් විතර පරක්කු වෙලා ගෙදර අාවා..

🐯"අාහ් ඔයාලා අාවද..ජින් හියුන්ග් තාම නැද්ද.."

🐹"මාත් අාවා බෙයා.."

🐯"මන් වෝ‍ෂ් දාගෙන එන්නම් එහෙනම්.."

ටේ තමා අන්තිමට අාවේ..එයාගේ මූණ දිහා බැලුවම ගොඩක් මහන්සියෙන් ඉන්නවා කියලා ඕන කෙනෙක්ට තේරෙනවා..මොකද වැඩකරලා මහන්සියට වඩා හිතේ වේදනාව වැඩි නිසා එක දවසින් එයා මැලවිලා ගිහින් වගේ කියලා තමා එයාලගේ හියුන්ග්ලාටත් තේරුණේ..

🐺"ටේ එතනදි එහෙම කිව්වට එයා ඉන්නේ ගොඩක් වේදනාවෙන්.."

🐨"ඔව් ඒක එයා දිහා බලන ඕන ම කෙනෙක්ට තේරෙනවා.."

🐱"අපි අනිවාර්යෙන් ම මොකක්ම හරි කරලා business එකක් පටන්ගන්න ඕන..අනික ටේගේ පිලිගැනීම ගැන නම් වෙනම කතා කරන්න ඕන නැහැනේ..එයා කරන degree එක ගැන දන්න ඕනම කෙනෙක් දැනගන්නවා එයා කියන්නේ කවුද කියලා.."

My You (Tk) Slow UpdateWhere stories live. Discover now