පස්සෙ මම ඇස් අරිනකොට හිටියෙ හොඳ සනීප ඇදක. ළග බෙහෙත් වගේකුයි , මගෙ ඉන්හෙලර් එකයි , වතුර භාජනේකුයි රෙදි කෑල්ලකුයි තිබුන. අහ්... ඒ මදිවට මගෙ තොළ පැලිල..?? වැටෙද්දි බිම වැදෙන්න ඇති. මම මගේ තොල අතගාන ගමන් කල්පනා කළා. වටේ හොඳ ගෘහ භාණ්ඩ තිබුන. ලොකු කණ්නාඩි මේසයක් , අල්මාරි , මට නම් ඉතින් මාළිගාවක් වගේ තමයි... ඒත් කවුරුත් පේන්න නම් හිටියෙ නෑ.🙄ඇත්තටම මේ කාගෙ ගෙදර ද? 🤔🤔
මම හෙමින් නැගිට්ට.. නැගිටල බාගෙට ගැලවිලා තිබ්බ මගෙ යුනිෆෝම් ශර්ට් එකේ බොත්තම් ටිකත් දාගත්ත.. එහා මේසෙ තිබ්බ මගෙ ටයි එකත් දාගත්තෙ ඇදුම් කෑලි මෙහෙ දාල අමතක වෙලා ගියොත් කියල. ඇගට කලින් වගේ ලොකු අමාරුවක් දැනුනෙ නෑ. ඒත් බිත්තියෙ ඔරලෝසුව දැක්කම නම් මට තරු විසි උනා..
10.00 යි.රෑ...?? ! 😶
දෙයියනේ සොග්‍යොන්දොන් වල චිකන් බාබකිව් කඩේට මම අද හවස 3 වෙනකොට වැඩට එනව කියල පොරොන්දු වෙලා හිටිය. ආයෙ නම් ඒ කඩේ මට වැඩ එන එකක් නෑ. ඒ අජුම්මා කොහොමත් හෙන සැරපාටයි. ගිහින් සමාව ඉල්ලල බලන්න ඕනෙ... මම කල්පනා කළා..
මම එහෙම්මම නැගිටල මේ කාගෙ ගෙදරද බලන්න කාමරෙන් එළියට ආව. අනුන්ගෙ ගෙවල් වල තමුන්ගෙ වගේ යන එක හරි නැතත් මට ඕනෙ උනේ අයිතිකාරයා හොයා ගන්න.
YOU ARE READING
꧁•◉✿❄️ 𝕀𝕥'𝕤 𝕊𝕟𝕠𝕨𝕚𝕟𝕘 ❄️✿◉•꧂ Taekook ff ✅Completed ✅
Fantasyමේ මගේ දෙවෙනි කතාව. 🔞 කොටස් සහිත නිසා කැමති අය විතරක් කියවන්න.. Top jungkook 💜️ / Bottom tae 💚 කතාවෙ චරිත වෙනම introduce නොකළෙ එහෙම උනොත් කුතුහලයක් නැති නිසා... මුලින් boring සාමාන්‍ය තාලෙ කතාවක් වගේ දැනෙයි.. සමහර දේවල් එහෙම වෙන්නෙ ඇයි කියල හිතෙය...