꧁☆❄️•◉✿ 10 ✿◉•❄️☆꧂

297 37 4
                                    

••••••••••••••••••••••••••••••••••••••••••• •

'' මට ඇත්තටම මහන්සියි හ්‍යුන්ග්.. "

කරුණාකරල ආපහු ඇවිත් ඔයාට මෙහෙම උනේ මම හින්ද නෙවේ කියල කියන්න.. ඔයා ආයෙ මගෙ ළගට එන්නැත්නම් මාව ඔයා ළගට ගන්න.. " මම වතුර යටටම ගිලිල ඇස් තදකරල පියා ගත්ත..

ඒත් එකපාරටම කවුරු හරි උරිස් දෙකෙන් අල්ලල මාව බාත් ටබ් එකෙන් උස්සල අරන් ඒකෙම ඉන්දෝල හෙල්ලුව..

" මොනවද මේ කරන්නෙ tae ? ඒ එයා නෙවේ මට police officer photos වගයක් පෙන්නුව.. ඒ අපේ කුකී නෙවේ.. ඇයි ඔයා මේ වගේ මෝඩ දෙයක් කරගන්න හැදුවෙ.. ? " ජිමින් හ්‍යුන්ග් රතු වෙලා වෙවුලන කටහඩින් ඇහුවෙ මගෙ කම්මුලෙන් අල්ලල හොල්ලන ගමන්..

" ඒ එයා නෙවේ කියල මම දන්නව ජිමින් හ්‍යුන්ග්.. එයා මැරිල නැහැනෙ.. මට ඕනෙ උනේ ටිකක් නාගන්න විතරයි.. ම..මට හන්ග්‍යොං යන්න ඕනෙ හ්‍යුන්ග්.. එහේ තමයි මගෙ අම්මල ඉන්නෙ.. මට මගේ ජන්ග්කුක් හ්‍යුන්ග් ව අම්මලට අදුන්වල දෙන්න බැරි උනානෙ.. එයාට මම දවසක් එහෙ යමු කිව්වම යාලුවෙක් විදිහට නම් යන්න බෑම කිව්ව.. ඉතින් හරි විදිහට එයා ගැන අම්මලට කියල අදුන්වල ඕනෙ.. මම ඉක්මනින් ගිහින් එන්නම්කෝ " මම හිස් බැල්මෙන් බිම බලාගෙන මගෙ දිහා බයවෙලා බලන් හිටපු ජිමින් හ්‍යුන්ග්ව පහු කරන් වතුර බේරෙන ඇදුම් පිටින්ම bathroom එකෙන් හෙමින් එළියට ආව..

••••••••••••••••••••••••••••••••••• •

හැබැයි ජිමින් හ්‍යුන්ග් ඒ වෙලාවෙ එතෙන්ට ආවෙ නැත්නම් මම වතුරෙන් ගොඩ එන්න හිතුවද නැද්ද කියල මගෙ යටිහිත දන්නව.. ඒත් ආයෙ මම ඒක ගැන හිතුවෙ නෑ.. මට තනියෙන් යන්න පුළුවන් කියල කොච්චර කිව්වත් ජිමින් හ්‍යුන්ග් මාව කාර් එකේම එක්ක ගියා. ඒ මනුස්සය දහසක් වැඩ තිබ්බත් මාව කොයි වෙලාවකවත් තනි නොකර ළගම හිටියෙ සහෝදරයෙක් වගේ.. මම ජන්ග්කුක් හ්‍යුන්ගෙ ගෙදර තිබුන එයාගෙ photo එකකුත් අරන් හන්ග්‍යොං ගියේ අම්මලට එයා කොච්චර ලස්සන ද කියල පෙන්නලම මම මගේ ජීවිතේ ගැන ගත්තු තීරණේ එයාලට කියන්න.. ඒක මම හොඳට හිතල ගත්තු තීරණයක්.. ඒක තමයි

" කොයිතරම් අමාරු උනත් හැමදේම දරාගෙන ඉන්න " ❤️🌹

කලබලකාරී සෝල් නගරෙ වගේ නෙවේ මගේ අම්ම තාත්තා ඉන්න හන්ග්‍යොං වල ස්මාරක තියන තැන හරිම නිස්කලංකයි.. දැන් හිම දියවෙලා පරිසරේ ආයෙත් උණුසුම් වෙන කාලෙ.. ලාවට උණුසුම ශීතල දෙකම මිශ්‍ර වෙච්චි හුළංරැලි හමාගෙන ගියා..

꧁•◉✿❄️ 𝕀𝕥'𝕤 𝕊𝕟𝕠𝕨𝕚𝕟𝕘 ❄️✿◉•꧂ Taekook ff  ✅Completed ✅Hikayelerin yaşadığı yer. Şimdi keşfedin