꧁☆❄️•◉✿ END ✿◉•❄️☆꧂

454 35 23
                                    

••••••••••••••••••••••••••••••••••••••••••

මට ඒ වෙච්ච දේ හිතා ගන්න බැරි උනා.. මට හිතුන තව මම නොදන්න හැංගිච්ච දෙයක්වත් තියේද කියල.. එත් එහෙම නෑ.. මම ඒ මැරුනු කොල්ලො තුන් දෙනා ගැන එයාලගෙ college වලට ගිහින් හොයල බැලුවත් ඒ අය කාටවත් වරදක් නැති අහිංසක ළමයි.. අම්මල තාත්තල කොච්චර තිරිසන් වැඩ කළත් අහිංසක දරුවො ඒවට පළි නෑනෙ.. ( chapter 09 බෝට්ටු අනතුර ගැන තියනව )

ඒත් මම වෙන කෙනෙක්ගෙ ජීවිතයක් අවුරුදු 10 ක් ගත කළා.. එයාට මම ඒ වෙනුවෙන් ගොඩක් ස්තූති වන්ත වෙන්න ඕනෙ.. මට අරවගේ ආදරණීය අම්මෙක් තාත්තෙක් දීල ගියාට.. මම tae ළගට යන්න කලින් අන්තිම වතාවට මැරුනු පිරිමි ළමයි තුන් දෙනාටම චාරිත්‍ර ඉශ්ට කරල ස්මාරක වලට ආචාර කළා.. ඩේවිඩ් ගෙ ස්මාරකය video call එකකින් අම්මලට පෙන්නුවම ඒ දෙන්න නොසෑහෙන්න ඇඩුව.. ඒ දෙමාපියො මම හින්ද මේ අවුරුදු දහයටම ඒ ස්මාරකය බලන්නවත් ආවෙ නෑ.. එයාට කොච්චර ආදරේ කරන්න ඇතිද කියල එයාල අඩන විදිහෙන් මට තේරුනා.. මට දැනුනෙත් මගෙම සහෝදරයෙක් නැති උනා වගේ හැගීමක්... පව්.. ඒ අහිංසක කොල්ලන්ගෙ ආයුශ ඉවර වෙලා එයාල මේ ලොකෙන් යන්න ඇති.. අම්මල ආයෙ ළගදිම korea ආවම ආයෙත් මෙහේ එමු කියල මම අන්තිමට අඩන එයාලගෙ හිත හැදුව..

පස්සෙ මම මාව හප්පපු කන්ටේනර් එක ගැන හොයල බැලුව.. පොලිසියට මම වේගෙන් ඇවිත් වැට කඩන් පහළට වැටුන කියල බොරු සාක්ෂි දීල තිබ්බෙ ඌ තමයි.. ( chapter 09 ) ඌත් මේ වෙද්දි ජීවතුන් අතර නෑ.. 2001 දි වාහන අනතුරකින් මැරිල.. ඒත් මගෙ යටි හිත කිව්වෙම ඒකත් namgil ගෙ වැඩක් වෙන්න ඕනෙ කියල.. කොහොම හරි දැන් කුණු ගොඩවල් එකක්වත් නෑ.. සේරම පිරිසිදුයි..

මම ඊළගට ජිමින් ගැන හොයල බැලුව.. මොකද මට tae ළගට යද්දි කිසිම අමතර ප්‍රශ්නයක් ඔලුවෙ තියන් යන්න ඕනෙ උනේ නෑ.. එයා ගොඩක් හොඳින්.. මගේ tae වත් එයා අවුරුදු ගානක් තාත්තා කෙනෙක් වගේ බලාගෙන.. ඒකට ණය ගෙවන විදිහ ඇත්තටම මට හිතා ගන්නවත් බැරි උනා.. මගෙ පිස්සු ජිමින Park group එකේ CEO වගේම දැන් වගකීමක් තියන ආදරණීය තාත්තෙක්.. මට දැනුනෙ පුදුම සතුටක්..ඒත් මම ජිමින්ට මම ආව කියල කියන්න නම් ගියේ නෑ මොකද ඒ මනුස්සය පොඩි දෙයිනුත් ගොඩාක් කලබල වෙනව.. එයාව මූණටම හම්බෙලා කතා කරල වෙච්චි දේ පැහැදිලි කරන්නයි මම හිතන් හිටියෙ..  එතකොට seo jun lab එකෙන් අයින් වෙලා ආත්මාරක්ෂක සටන් academy එකක් පටන් අරන්..එයාට නම් ගැළපෙනම වැඩේ ඒක.. දැන් ළමයි ගොඩකගෙ master එයා.. එතකොට heo guk තමන්ගෙම lab එකක් කරගෙන යනව.. දෙන්නම විවාහ වෙලා.. seo jun ට නම් පොඩි පුතෙකුත් ඉන්නව.. එයාල සේරම හොඳින්.. හැමදේම සන්සුන්.. මගේ හිත දැන් සම්පුර්ණයෙන් නිදහස්............................................

꧁•◉✿❄️ 𝕀𝕥'𝕤 𝕊𝕟𝕠𝕨𝕚𝕟𝕘 ❄️✿◉•꧂ Taekook ff  ✅Completed ✅Where stories live. Discover now