モㄗ. 04

162 12 1
                                    

"අපේ එකා මාවත් ඇදගෙන ම අර මාලිගාවක් වගේ තියෙන ෂෙහාන් අයියගෙ ගේ ඇතුළට ආවා... බුදු අම්මෝ... මේක... නිකන් අමුතුම ලෝකෙකට ඇතුළු වුණා වගේ නේ... ඇත්තට ම ඒ ගෙදර living room එක වීදුරුව වලින් තමයි cover කරල තියෙන්නේ... ඒ වීදුරුවෙන් සුදු පාට පුළුන් වගේ වලාකුළුවලින් පිරිල තියෙන නිල් පාට අහස ලස්සනට පේනවා...
මාත් ඉතින් මොකාද එකා වගේ චූටිගේ පස්සෙන් ම ඇදිල ගියා... අන්තිමට ම අපි ආවේ ටිකක් ලොකු store room එකක් වගේ තියෙන කාමරේකට... ඒ බඩු ඇරෙන්න වෙන මොන බඩුවක් වත් ඒ කාමරේ තිබුණේ නෑ... Store room එක පිරිලා තිබුනෙත් ඔය houses වැඩ වලට ගෙනාව දේවල්වලින් ම තමයි...

"මේ පාරත් කොහොම හරි ගේමක් ගහල Grindight එක 1st කරන්න ඕන!!! ඔක්කොටම ඇහුනද???"

නෙතඟ අයියා එහෙම කිව්වෙ අපේ මලයා දිහා බලාගෙන... මේක නම් කියන්නෙ ගිය පාරත් මූ හෙනම ගේමක් දීල house එක 1st කළාට අර බයියෝ ටික මුට දෙනවා කිව්ව‍ i-phone එක අරන් දීල නෑලු... ඒක නිසා මේ පාරත් රැවටෙන්න බැහැයිලුනේ...

"අනේ අයියේ මේ... උඹ මට ගිය පාරත් කිව්ව‍ අපේ house එක 1st වුණොත් මට i-phone එකක් අරන් දෙනවා කියලා... කෝ අරන් දුන්නද???"

"අඩෝ සිරාවට??? නෙතඟයා... උඹ ආදි ට අල්ලසුත් දුන්නද බන්???"

"මම නම් නෙවෙයි..."

"අනේ අයියේ මේ... තෝ පලයන් බොරු නොකිය... අරූෂ් අයියේ... උඹවත් මේවා බලහන්කො... මූ බොරු පිඹිනවා!!!"

අරූෂ්??? අහල පුරුදුයි වගේ... කවුද අරූෂ් කිව්වෙ???
ඒ වෙලාවෙ රණ්ඩුව මොකක්ද කියලා බලන්න තව අයිය කෙනෙක් phone එකකුත් කනේ ගහගෙන එතනට ආවා... මූ නම් මට හොඳට ම දැකල පුරුදුයි... ම්ම්ම්...
අම්මටසිරි මතක් වුණා!!!
තරූෂ් අයියා... එතකොට අරූෂ් කිව්වෙ තරූෂ් අයියගෙ මල්ලි... අපේ අක්කා කාලයක් ඔය තරූෂ් අයියට පිස්සු වැටිලනෙ හිටියෙ... ඇත්තම කියනව නම් ඒක අක්කලගෙ ඉස්කෝලෙ හෙන ම ප්‍රසිද්ධ රහසක්!!!
ඇත්තටම තරූෂ් අයියල කලින් හිටියේ කොළඹ... තරූෂ් අයියා ගියේ Royal එකට... තරූෂ් අයියා හෙන Handome නිසා අපේ අක්කා මාර විදියට එයාට try කළා 9 වසරේදී... ඒත් දවසක් තරූෂ් අයියා අපෙ අක්කට කැමති නෑ කියලා proposal එක reject කළා... ඒත් ඉන්න හම්බුනේ ටික දවසයි... තරූෂ් අයියත් අපෙ අක්කට කැමැත්තෙන් තමයි ඉඳලා තියෙන්නේ... ඒත් affair එකක් පටන් ගත්තොත් දෙන්න ම ඉස්කෝලෙ වැඩ අනාගනී කියලලු අපේ අක්කට කැමති නෑ කියලා බොරු කියල තියෙන්නේ... කොහොම හ‍රි මේ දෙන්න massages දාගත්ත ඒවා දවසක් අපේ තාත්තට අහු වෙලා තාත්තා කිව්ව "ඕක දැන් ම නවත්තල දාන්න... නැත්නම් පස්සේ පසු තැවෙන්න වේවි..." කියලා... අපේ ආශි තාත්තට ගොඩක් බයයි... ඒක නිසා එයා එතනදි කිව්ව ආයේ තරූෂ් අයියා එක්ක කිසිම contact එකක් තියා ගන්නෙ නෑ කියලා...
අපරාදේ මං නම් කියන්නෙ... මුන්ටත් ඉන්න බෑනේ හරි වයසට එනකන්... 9 වසරෙ පොඩි වුන් කරන දෙයක්ද අර කරල තියෙන්නේ??? මේ දවසවල වගේ affair එක පටන් ගත්ත නම් තාත්තාගෙන් මොකුත් අහගන්න වෙන්නෙත් නෑ, තරූෂ් සහ අරූෂ් දෙදෙනා ම මගෙ මස්සිනාලත් වෙනවා... Chance එක දැන් miss වෙලා ඉවරනේ... අපේ අක්කටත් එක අතකින් හොඳ වැඩේ මං කියන්නෙ...

í† íѕ †hє TᖇᑌTᕼ ¦ OngoingWhere stories live. Discover now