モㄗ. 12

103 9 0
                                    

අන්තිමේ දි ඉතින් පන්තිය ඇරිල ගෙදර යන්න වුණෙත් රිෂිනි නංගි එක්කමනේ... ඒ හින්ද එයත් එයා එනකන් ටික වෙලාවකට මම class එක ළඟ තියෙන ලොකු කොට්ටම්බ ගහ යට තියෙන බෙන්ච් එකේ වාඩි වෙලා හිටියා...

"මිහේන්... මල්ලි ඔයා යන්නෙ නැද්ද...? පරක්කු වෙනවනේ...?"

මේ මොකද මෙයා? හරියට නිකන් මේ...

"නෑ අයියෙ මං මේ රිෂිනි එනකන් හිටියෙ... මං එයත් එක්ක තමයි ගෙදර යන්නෙ..."

භාතිය අයියගෙ අර පිරිල තිබුණ මූණ නරක් වෙලා පණුවො නට නට ඉන්න අඹ ගෙඩියකට පණුවොන්ගෙ නැටිල්ල ඉවසගන්න බැරුව ඉන්නව වගේ ශේප් එකකට ක්ෂණයෙන් ට්‍රාන්ස්ෆොර්ම් වුණා...

"ඇයි එයත් එක්ක? තනියම යන්න බැරි නම් මාත් එක්ක යමු..."

අම්මප වෙලාවකට හිතෙනව මේකා 'මොන රෙද්දක් කතා කරනවද' කියලා... ඇයි අනේ... එක්කො මේකා මගේ අර ග' ල් වර්ෂන් එකට ක්‍රෂ් හින්ද මගේ වර්ෂන් දෙක ම එකයි වගේ පේනවද මන්ද... සිරාවට ම භාතිය අයිය ක්‍රෂ් ද දන්නෑ...
| අමෝ නැතුව ඇති...!!! නිකන් මනෝ ගහන්න එපා මිහෙනයෝ...!!!

"ඒත් අයියෙ එයා ඉතින් ගෙවල් ළඟ නේ... අපේ ආන්ටි කිව්වෙ එයත් එක්ක ම එන්න කියලා..."

"යමු මිහේන් අයියෙ... ඌප්ස්..! ඉසුක අයියා... "

භාතිය අයිය රිෂිනි නංගි දිහා බලලා ආයෙම මං දිහා බලල එරෙව්වා... Yko හ‍රි වැඩක්නේ...

"ආහ්.. ඔයා එහා ස්කූල් එකේ නේද..?"

"ඔව් අයියෙ... අයිය ගෙදරට ඇරලවන්න කවුරු හරි ඒවි නේද? "

"ආහ්? මොකක්-..?"

"නෑ අයියෙ අර කළු පාට මාස්ක් එකක් දාල එන්නෙ... පෙජරෝ එකකින්..."

භාතිය අයියට කර කියා ගන්න දෙයක් නෑ වගේ මූඩ් එකකින් එයා මං දිහා බලල අහක බලන් ඉඳලා ආයෙම නංගිගේ පැත්තට හැරුණා... ඒ කියන්නෙ මේකා සමහර දේවල් හංගනවද කොහෙද...  කෝමත් ගෙදර සයිස් එක දැක්ක ම ඔය වගේ ෆැසිලිටීස් නොතිබුණොත් තමා පුදුමෙ...

"මට අද බස් එකේ යන්න වෙන්නෙ..."

"පුදුමයිනෙ... එහෙනම් අයියත් අපිත් එක්ක ම එනවද...? අපිත් දැන් ස්ටෑන්ඩ් එකට යන්නෙ..."

í† íѕ †hє TᖇᑌTᕼ ¦ OngoingWhere stories live. Discover now