モㄗ. 18

56 11 0
                                    

භාතිය අයිය මටත් එක්ක ටිකට් එක අරන් ඊළඟ හෝල්ට් බහින්න කිව්ව හින්ද මාත් ඉතින් එතනින් බැස්සා... හතරමන් හන්දියක් නෙ... හෝල්ට් එකෙන් බැහැල අනිත් දෙන්නත් බහිනකන් බලන් හිටියා... තාම වෙලාව 6.30 විතරවුණාට මෙහේ ළමයි 6.00 වෙනකොටත් එනව කියල අපේ මල්ලි මට කියල තියෙනවා... ගර්ල් ස්කූල් එකේ ළමයිනුත් ඉන්නවනේ... අයියෝ.... දැන් තියෙන ප්‍රශ්නෙ තමයි සෝට!!!
                                                            අර දෙන්නත් බැස්ස හින්ද මාත් ඒ දෙන්නගෙ පිටිපස්සෙන් ඉස්කෝලෙ පැත්තට ඇවිදගෙන ගියා... මම මේ ඉස්කෝලෙට එන ෆස්ට් ටයිම් තමයි මේක!!!
                                                    හොඳ ම කතාව කිව්වොත්, මුන් දෙන්නගෙ මූනට සෙට් වෙන හැම එකා ම... 'Good Morning ඉසුක අයියේ', 'Good Morning ආදි, ආදිත්‍ය අයියෙ'.... පුදුම ගරුත්වයක්‌නෙ මේ ඉස්කෝලේ මුන් දෙන්නට කියල තියෙන්නේ....

"මේ... දැන් මං කොහාටද යන්නෙ???"

"ඉස්කෝලෙට බං... යමන්..."

"ඉස්කෝලෙට???"

"ඔව් ඉස්කෝලෙට..."

"පිස්සුද ඕයි ඉස්කෝලෙට මෙහෙම යන්න??"

"උඹට එන්න බැරි නම් භාතිය අයියට කියල ඕන දිහාවකට පල..."

මං භාතිය අයිය දිහා බැලුව ම මුලින් ම මං දිහා බලලා පස්සෙ අර පොඩි එකා දිහාත් බලල එරෙව්වා.... ඒකට රෙප්ලය් විදියට අපේ ඒක වල් ම වල් හිනාවක් දැම්ම... ඇත්තට ම මට නම් මෙතන වෙන කිසී~ම දෙයක් හරියට පැහැදිලි නෑ... සියල්ල ම අපැහැදිලී....

"අයියෙ මොකද කරන්නේ??"

"ශාක්‍ය, ස්කූල් එකේ තාම ඒ තරමට ළමයි නෑ... අපිත් එක්ක සපෝට්ස් රූම් එකට ගිහින් චේන්ජ් කරගමු..."

"එහෙම කමක් නැද්ද???"

"ශාක්‍ය!!!"

මාත් ඉතින් එයා කිව්ව එකට ඔළුව වනල ඒ දෙන්නගෙ පස්සෙන් ම දිගට ම ඇවිදගෙන ගියා... බෑනේ නැත්නම් කරන්න ඇවිලෙන්නනෙ කොයි වෙලාවෙත් බලන්නෙ... හොඳ වෙලාවට ටීචර්ස්ල එහෙමත් ඇවිත් හිටියෙ නෑ... නැත්නම් මල කෙලියක්‌ තමයි වෙන්නෙ...
                                                           රිටිගල කන්දෙ වගේ තියෙන පඩිපෙළක් දිගේ නැගල ගිහින් ලොකු ග්‍රවුන්ඩ් එකක් ඉස්සරහින් අපි නැවතුණා... ඒක තමයි මාර ම එක්ස්පිරියන්ස් එක... පස්සෙ තුන්දෙනත් එක්ක ම ඉස්කෝලෙ සපෝර්ට්ස් රූම් එක ළඟට ආවා... මේකත් මාර ගතියි... 
                       අපේ එකා ස්පෝර්ට්ස් රූම් එකේ කී එක අරන් එන්න ඔෆිස් එකට යනව කියල උගේ බෑග් එකත් වීසි කරගෙන ම දුවගෙන ගියා... දැන් මමයි භාතිය අයියයි තමයි මෙතන ඉන්නෙ...
                                                                   මං ආයෙත් ටිකක් භාතිය අයිය දිහා බැලුවා... එයා හිටියෙ ඈතට පේන ඝන්ටාර කුලුන දිහා බලන් ලොකූ කල්පනාවක....

"අයියෙ මේ..."

මං එයාට කතා කරපු පාර එයා ගැස්සිල ගිහින් මං දිහා බැලුව...

"ඔව් ඇයි???"

"ඔයාට ප්‍රශ්නයක්ද??"

මම එයාගෙන් එහෙම ඇහුව ම එයා ආයෙමත් කන්ෆියුස් වුණා...

"ප්‍රශ්නයක්..?? නෑ... ඇයි ඔයා එහෙම අහන්නෙ??"

"නෑ ඔයා කල්පනා කර කර ඉන්න හින්ද ඇහුවෙ... එහෙම ප්‍රශ්නයක් තියෙනව නම් මට‍ කියන්න හරිද.... උදව් කරන්න පුළුවන් දෙයක් නම් මං උදව් නොකර ඉන්නෙනෑ...."

භාතිය අයිය මට‍ හිනා වෙලා අත් දෙකත් බැඳගෙන රූම් එකේ බිත්තියට හේත්තු වුණා... දාඩියයි කියල ෂර්ට් එකේ අත් දෙක නවගෙනනෙ....
                                   මං ඒ හිනාවට රෙප්ල්ය් හිනාවක්‌ යවල මං ක්ෂණික ව බැලුවෙ මහා සද්දෙට කෑ ගහන් කී එකක් උඩට උස්සන් එන අත දරුවෙක් ව... මුල් ළමා විය සංවර්ධනය වෙලා නෑනේ හරියට... අනේ මන්ද... මේකා ඇත්තට ම ඉපදෙන්න තිබුණ දවසට කලින් ද කොහෙද ඉපදිලා තියෙන්නේ... ඒකනෙ මේ...

"මං ආවාආආආආආආ....."

"ඔය තරමට බෙරිහන් දෙන්න එපා ඕයි!!! මේක ගෙදර නෙවෙයි!!!"

"මේකත් ගෙදර වගේ තමයි. නේ broh??"

අපේ එකා භාතිය අයියගෙ කරට අත දාගෙන දෙන්නත් එක්ක ම ගිහින් ස්පෝර්ට්ස් රූම් එක ඇරිය... දැන් නම් හොඳට ම දාඩියත් දාල හින්ද භාතිය අයිය ගිහින් ටිකක් ලොකු ජනේලයත් ඕපන් කළා.... දැන්නම් මාර සනීපයි!!!
                                                     භාතිය අයිය එයාගෙ බෑග් එක අස්සට අත දාල මට ට්‍රාන්ස්පේරන්ට් කවර් එකක දාල කිට් එකක් දුන්න ඇඳ ගන්න කියලා... ස්පෝර්ට්ස් කිට් එකක්...

"මේක ඇඳගන්නකො... වැඩිය නෝට් වෙන එකක් නෑ... "

"මොකටද මේ???"

"ඩ්‍රෙස් එක චේන්ජ් කරගන්න... ඔයා අද අපේ අනිත් වැඩ ටිකට හෙල්ප් කරන්න... තව‍ ටිකකින් නෙතඟලා, අරූෂ්ලා, අනිත් අයයි එයි... එයාල එන්න කලින් ඉක්මනට චේන්ජ් කරගන්න..."

මෙච්චර කෑ ගහනව නම් ඉතින්.... මං චේන්ජින්ග් රූම් එක හොයාගෙන ගිහින් චේන්ජ් කරගත්තා.... School T එකයි, Bottom එකයි, Bangle එකයි....

      

í† íѕ †hє TᖇᑌTᕼ ¦ OngoingΌπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα