モㄗ. 14

60 9 0
                                    

"ඔයා අර boards ටික ගෙනාවද ආදි?"

"නෑ නෙතඟ අයියෙ... SINGER එකෙන් වගේ ඇහුව නම් හ‍රි නෙ..."

"ඔව් ඔය දෙන්නට ගිහින් ගේන්න පුළුවන්ද? මං කිව්වෙ ඔයයි, ශාක්‍යයි..."

"හරි එහෙනම්... මං ගිහින් එන්නම්... "

අද වැඩ තියෙන්නෙ නෙතඟ අයියලගෙ ගෙදර... මේ වගේ වැඩ කරනකොට ඉතිං shiftings එහෙම වෙනවා...

දැන් SINGER එකට යන්න වෙනව Cardboards වගයක් ගන්න House Boards වලට...

"මේ චූටි, අපි දෙන්න විතරද යන්නේ???"

"ඔව් ඇයි??"

"නෙතඟ අයියගෙ bike එක ඉල්ලගනින්කෝ..."

"මොකටද?? Car එකේ යමු..."

"අනේ බං... මට ride කරන්න ආසයි... අනේ ඒයි ඒක Ninja h2r එකක්..."

"කෝ??"

"අර තියෙන්නේ..."

මං අත දික් කරල park කරල තිබුණ h2r එක අපේ චූටිට පෙන්නුවා...

" සිරා නේන්නම්... මං දැක්කෙ නෑනේ... එතකොට මූ මට කියන්නෙ නැතුව--"

"හෝ හෝ.. ඉන්න... මං අහල බලන්නම්..."

කවසාකිය පදින්න තියෙන ආසාවට ම මං නෙතඟ අයිය ගෙන් අහන්න ගියා bike එක පොඩ්ඩකට දෙන්න පුළුවන්ද කියලා... කවුරුත් හිටියෙත් නෑනේ එවෙලෙ...

"නෙතඟ අයියෙ මේ... අර bike එක ඔයාගෙ නෙ??? මට පොඩ්ඩකට දෙනවද??"

"Bike riding පුළුවන් ද??"

"හ්ම් ඔව් පුළුවන්..."

"මං හිතුවෙ නෑ පුළුවන් ඇති කියලා..."

"අයිය හිතුවෙ නැති වුණාට මට පුළුවන් නෙ.."

නෙතඟ අයියා මට pass කරපු key එක අරන් මං bike එකෙන් එනකොට මෙන්න අර අපේ පොඩි එකා උගේ car එකෙ ඉඳන් බලන් ඉන්නව...

"අයියෙ ඔයා මං හිතුවට වැඩිය දියුණුයි නෙ..."

මොකක්ද ඒ කිව්ව කුණුහරුපෙ...

"මොකක් -?"

"ආහ් නෑ මේ ඔයා බෝනික්කෙක් වගේ හිටියට bike ridings ඒම පුළුවන් නේ..."

නික්මෙක් කියලා හිතං ඇත්තෙ... මේව ඇහෙන්කොට තමයි ඇගේ තියෙන නහරත් පුපුරන්නෙ!!!

"දැන් ඇති බැහැල වරෙන් යන්න... පරක්කු වෙනවා..."

ආදි car එකෙන් බැහැල ඇවිත් bike එකට නැංගා... මං ඉතින් ඌ යන වේගෙට වඩා ටිකක් අඩුවෙන් තමයි ride කළේ... ඒකටත් නාහෙන් අඬනවනේ හෙමින් යන්නෙ ඇයි කිය කිය... Aunty ට කියන්න ඕන hospital යනකොට මුගේ යමහා එකේ යතුරත් අරන් යන්න කියලා... ඇයි කියන්න බෑනේ යන වේගෙට ලයිට් කනුවකවත් හැප්පිලා accident වුණොත්!!!

"උඹ SINGER එක තියෙන තැන දැනගෙන ද බං හිටියේ???"

"පිස්සුද මං මෙහේ මෙලෝ මගුලක් දන්නෙ නෑ..."

"ඔය තියෙන්නේ SINGER එකනේ..."

මාත් ‌නොදැනි ම වගේ ඇවිත් තියෙන්නෙ SINGER එකට තමයි... අර cardboards ටික අරන් ඉක්මනට යන්න ඕන හින්ද බයික් එක එතන ම ඉස්සරහින් පාක් කරල අපි දෙන්න ම ඇතුළට ගියා...

"අයියෙ අර කාඩ්බෝස් ටික-"

"අර හවුස්බෝඩ්ස් හදන්න-"

"ඔව් අයියෙ ඒ ටික තමයි."

"හරි මල්ලි පොඩ්ඩක් ඉන්න... එතකන් ඔය දෙන්න ඔතනින් වාඩි වෙලා ඉන්න..."

ආදි එක්ක කතා කරපු අයිය කාඩ්බෝඩ්ස් ටික අරන් එනකන් අපි දෙන්නට ටිකක් වෙලා බලන් ඉන්න වුණා... ඒ වෙනකන් නිකන් ඉන්න කම්මැලි හින්ද SINGER එකේ අයිය අපිට වාඩි වෙන්න කිව්ව සීට්වල වාඩි වෙලා Spotify එකේ playlist එක දාගෙන earbuds දෙකෙන් එකක් මගේ කනේ ගහන් අනිත් එක අදිට දීල මං පාඩුවෙ සිංදුවක් අහගෙන හිටියා... 

නුඹ හා හමුවී - මොහොතක් තිබුනී~
නොදැනීම ගෙවෙනා~

අද මා මෙහි වී මොහොතාක් රැඳුනී~
සිතුවිලි මැවෙනා~

ඔය නෙතු හමුවන තුරු පාර දිහා
බලමින් තව වෙහෙසයි දෑසට මා
කිමදෝ පම වූ ඒ කාරණා~

මගෙ සතුටකදී නුඹ පාන සිනා
ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා
සිතුවිලි මැද කිමිද මා භාවනා~

මං එහෙම ම සිංදුව ඉවර වෙනකන් ටිකක් වෙලා ඇස් පියන් හිටිය... 



í† íѕ †hє TᖇᑌTᕼ ¦ OngoingWhere stories live. Discover now