モㄗ. 17

62 8 2
                                    

"අද හවසට අර තමුසෙලගෙ ඉස්කෝලෙ පැත්තේ තියෙන්නේ - ආ නෑ... අර කොටුවෙ කොෆී බ්‍රන්ච් එකට යමු හරිද??? තොට ක්ලාස් එහෙම නෑනේ???"

මට මූ එක්ක ටිකක් නිදහසේ කතා කරල බලන්න ඕන... මොකද කියනව නම් එදා වුණ දේවල් මට‍ නම් තාම අමතක කරන්න බෑ... අනික මං හිතන විදියට ගත්තොත් අමතක කරල පැත්තකට වෙලා ඉන්න පුළුවන් වගේ දෙයකුත් නෙවෙයිනෙ ඒක... ඕක ආන්ටි එහෙම දැන ගත්තොත් මෙතන වෙන එකක් වෙන්නෙ....

"ක්ලාස් හලෝ... අද... 6.00 වෙනකන්... රෑට යමු... මොකෝ මේ හදිස්සියේ...??"

මූට ඇත්තට ම!!! දෙන්නමයි හිතෙන්නේ හොම්බ රිවට් වෙන්න... ඇයි අනේ...

"ඇයි මං එදා--"

"ශීට්... තමුසෙ ඕක ගැන සිරා හිතුවද ඕයි??? අනේ මන්ද අනුන්ගේ රෙද්දවල් හොයනව තියාගෙන..."

"අම්මෝහ්.. ඇත්තට...??? හ‍රි එහෙනම් මං ආන්ටිට ශේප් එකේ කියල දාන්නම්..."

"අයියෙ මේ.."

"ආන්ටිට විතරක්‌ කියල මදිනෙ... සුරාජ් අන්කල්ටත් කියමු... එතකොට පර්ෆෙක්ට්!!!"

"තෝ මගෙන් කුණුහර්ප අහගන්න එපා!!!"

"මං බයයිනෙ පොඩි උන්ගෙන් කුණුහර්ප අහගන්න!!!"

අපේ එකාට අන්තෙටම ම යක්සාඒස වෙලා ද කොහෙද මල්ලත් කරේ දමාගෙන
මහ සද්දෙට අඩිත් පොළොවෙ ගහ ගහ ගිහින් දඩාස් ගාල දොරත් වැහුව... මේ ගෙදර මිනිස්සු හරියට දන්නෑ මූ ගැන... වෙලාවක් දාගෙන ඇන්ටිව කයියකට සෙට් කරන් මූ ගැන සේරම විස්තරේ කියනව... ඒත්... | අපෝ මං මොකටද අනවස්ස ප්‍රශ්නවල පැටලෙන්න යන්නෙ??? අනේ මේ නිකන් හිටපන්!!!

මම මනෝ ලෝකෙන් මිදිලා පහළට ආවෙ අර ටිකකට කලින් ඉස්කෝලෙ යනව කියල ගියපු එකාගේ වගේ සර්වියට් එකකින් ඔතපු ලන්ච් බොක්ස් එකක් සෙටිය උඩ තියෙනව දැක්ක හින්ද... Hu%!!! මේ උගේ ලන්ච් බොක්ස් එක නේන්නම්!!! අමතක වුණානේ... මූ බස් එකේ නැගල ගිහිල්ල ද දන්නෑ මේ වෙනකොට...
                                         මං ලන්ච් බොක්ස් එකත් අරන් ආදිගෙ ම ටී ෂර්ට් එකක් දාගෙන දූවගෙන ආවෙ ඒකා තාම පාරෙ ඇති කියල ගෙස් කරගෙන... කරුමෙ කියන්නෙ... මං හෝල්ට් එකට එද්දිමයි මූ බස් එකට නැග්ගෙ... ඒ වුණාට ලන්ච් බොක්ස් එකත් කොහොමහ‍රි දීගන්න ඕන හින්ද දුවල ගිහින් ෆුට් බෝඩ් එකේ එල්ලුණා... හොඳ වෙලාවට...
                                                  පස්සෙ මං බස් එක ඇතුළෙ සර්ච් කළා අපේ එකා ඉන්නෙ කොයි හරියෙද කියලා... උදේ ස්කූල් ටයිම් හින්ද බස් එකේ කොහොමත් හෙන ලෝඩ් එකක් ඉන්නව... අන්තිමේ දි සර්ච් කරල සර්ච් කරල කොහොම හරි මගේ ෆුල් ටයිම් වර්කින්ග් ඇස් දෙක නැවතුණේ මං හොයන ඇස් දෙක ළඟ නම් නෙවෙයි... ඊට‍ එහා පැත්තෙ තිබුණ කළු ඇස් ළඟ... ඒ ඇස්... දිලිසෙන කළු ඇස්... මං පිස්සෙක් වගේ ඒව දිහා කොයි තරම් වෙලාවක් බලාගෙන හිටියද කියන්න මමවත් දන්නෙ නෑ... අන්තිමට මං පියවි සිහියට ආවෙ කන්ඩක්‌ට මට‍ තට්ටුවක් දැම්මටත් පස්සෙ මං හිතන්නෙ...

í† íѕ †hє TᖇᑌTᕼ ¦ OngoingWhere stories live. Discover now