モㄗ. 11

107 10 0
                                    

"මොනවද අයියෙ ඔතන බල බල ඉන්නෙ??? ඉක්මනට එන්න... නැත්නම් වාඩිවෙන්න ඉස්සරහ තැනක් නැති වෙයි..."

Bulding එක දිහා ටික වෙලාවක් බලන් ඉඳලා රිෂිනි නංගිගෙ පස්සෙන් ම class එක ඇතුළට ගියා... පන්තිය පටන් ගන්න තව‍ විනාඩි 30 ක්‌ විතර තිබුණට ඒ වෙලාව වෙනකොටත් class එකේ මැද හරියට විතර යනකන් ම ළමයි...
Card mark කළාට පස්සෙ නෙ ඇතුළට යන්න දෙන්නෙ... ඒ හින්ද මං මගේ card එක එළියට අරන් card mark කරන්න හිටිය කොණ්ඩෙ දිග අක්කට දික් කළා...
ඒ අක්ක මගේ card එක බලල මගේ මූණ දිහත් හොඳට බලල cute විදියට හිනා වුණා...

" මල්ලි, ඔයා මෙහේ නෙවෙයිද???"

"නෑ අක්කේ..."

"එතකොට..."

"මං Colombo--"

"Sir ව aware කළාද?"

"මොකටද?"

"මේ class එකට එනව කියලා..."

"නෑ අක්කෙ මං මෙහේ class එන්නෙ මේ මාසේ විතරයි!!!"

ඒ අක්ක ආයෙත් cute විදියට මං දිහා බලල card එකත් mark කරල ඉස්සරහට යන්න කිව්ව... මාත් ඉතින් 4 වෙනි පේළියේ ඉඩ තිබුණ නිසා බිම බලාගෙන ගිහින් එතනින් වාඩි වුණා... ඒ වෙලාවෙ මං දැක්ක විදියට නම්.. මගේ එහා පැත්තෙ වාඩි වෙලා හිටියෙ පොත් ගුල්ලෙක් ද කොහෙද... Chemistry පොතේ මූණ ඔබාගෙනමයි හිටියේ... මාත් ඉතින් පාඩම් කරන එකාට පාඩුවෙ පාඩම් කරන්න ඉඩ ඇරලා මගේ වැඩේ කර ගන්නව කියල හිතුවට මගේ අත වැදිල එහා පැත්තෙ ළමයාගේ වීදුරු බෝතලේ බිම වැටෙන්න ගියානේ...

" Ahh! Sorry... "

හොඳ වෙලාවට ඒ ළමයම එයාට ක්ෂණික සිහිය ඇවිත් ඒක අල්ලගත්තෙ... නැත්නම් ආපු දවසෙ ම මරු වැඩේ වෙන්නෙ...

" It's Okey... ඔයා අලුතෙන් ද??? "

" නෑ... මං මේ මාසේ මගේ cousin මල්ලි කෙනෙක්ගෙ ගෙදර ඇවිත් ඉන්න නිසා මෙහේ class එන්නේ... "

"එහෙමද??? "

මං ඉතින් 'එහෙම තමයි' කියල කියන්න ඔලුව වන්නවත් එක්‌ක ම වගේ තමයි sir class එකට ආවෙ...

"මිහේන්!! පුතා ආවද??? මයෙ කොල්ලා... අන්න ඔයාගෙ අම්ම මට‍ කිව්ව ඔයා අද මෙහේ එනව කියලා... මොකෝ ඊයෙ ආවෙ නැත්තේ???"

Sir එහෙම ඇහුවට පස්සෙ ඉස්සරහ ඉඳිය උන් ඔක්කොම පිටිපස්ස හැරුණා... ලැජ්ජයි ලැජ්ජයි වගෙත්... මේ ykත් එක්‌ක බෑනේ ඉතිං කරන්න... ගම කනවා!!!
අනිත් එක උත්තර දීගන්න බැරි ප්‍රශ්න අහල මාව අසරණ කරනවත්නෙ මේ sir!!

í† íѕ †hє TᖇᑌTᕼ ¦ OngoingWhere stories live. Discover now