モㄗ. 09

120 9 0
                                    

"ඒයි... එළියට වරෙන්... අද රෑටත් මෙහේ ම නවතින්නද හිතං ඉන්නෙ..."

"ආහ් හරි චූටි... මේ එනවා!!!!"

අපෝ මේ පොඩි එකා ඇවිත් මෙතන දෙවනත් කරනවනේ... මොන රෙද්දක් ද මන්ද...
             මං ඉතින් perfectly ready වෙලා ඇතුළට ආව විදියට ම ආයෙත් එළියට ආව...
           හම්මට... ඔය ඉන්නෙ මගෙ මස්සිනයි, මලයයිත් අනිත් උන් දෙන්නට second නොවෙන්න ම!!! ඇත්ත ම කිව්වොත් උන් දෙන්නත් ඇඳගෙන ඇවිත් තිබුණෙ coat එකයි, ඒකට match වෙන trouser එකයි... අරූෂ් අයියගෙත් පොඩි බෝනික්ක look එකක් තියෙන හින්ද එයා නම් හෙන cute විදියට පෙනුණෙ... මුන් 4 දෙනා make - up උලාගෙන... මොන පිස්සුවකටද මන්ද...

          භාතිය අයිය ආයෙම මං දිහා අමුතු look එකක් දාගෙන බැලුවනේ... මොකද මන්ද ඕම... ඊටපස්සේ අනිත් උන් තුන්දෙනා!!! නෙතඟ අයියා, අරූෂ් අයියා, චූටි!!! මරාගෙන මැරෙන්න හිතෙනව දාගෙන ඉන්න බලු හිනාවල් දැක්කම!!!

"අඩේ...  උඹ... කාගෙද බන් ඕක??? පට්ට විදියට match නෙ "

"මේකද???"

මං අපෙ පොඩි එකාට මං ඇඳගෙන ඉන්න coat එකටයි, trouser එකටයි ඇගිල්ලක් දික් කරල ඇහුවා... ඌත් මට‍ 'ඔව්' කියලා ඔළුව වනලා සිග්නල් එකක් දුන්නා...

"ඕක බන් මං හිතන්නෙ... ඉසුකයාගේ... එහෙම නේ???"

ශික්!!! මට‍ අරූෂ් අයියගෙ ඔය පෙන්නන්න ම බැරි ගතිය තමයි පැන පැන කතා කරන එක!!! ලැජ්ජාවක් කියලා නාමයක්වත් නෑනේ මගේ වෙන්න මස්සිනාට!!! ආපුතෙන්කො අපේ ගෙදර... කොහොමත් එන්න ම වෙනවනේ අයියණ්ඩිගෙ මගුල ගැන කතා කරනකොට... එතකොට හදල ගන්නවා... | නෑ නෑ!!! නෙතඟ අයිය ම හදල ගනී නෙ... මං මොකටද මැද්දෙන් පනින්නේ???

"ඕයි ශාක්‍ය!!! කන් ඇහෙන්නෙ නැද්ද??? තමුසෙගෙන් අහන්නෙ..."

අපේ එකා!!! මං මූව ඉතුරු කරන්නෙ නෑ!!!

"ඕ... කියන්න..."

"මොකක්ද "

ඇයි මගුල!!! දැන් ටිකකට කලින් කන් ඇහෙන්නෙ නැද්ද කියල බෙරිහන් දෙන්න ගත්තා... දැන් මගෙන් අහනව මොකක්ද කියලා!! පිස්සු මලහොල්මනක්!!!

"ඇයි අයියෙ දැන් තවුසෙ නේද මුලින් මගෙන් ඇහුවෙ මං දැන් ඇඳන් ඉන්න dress එක භාතිය අයියගෙ නේද කියලා??? මගේ උත්තරේ තමයි... ඔව්!!!"

í† íѕ †hє TᖇᑌTᕼ ¦ OngoingWhere stories live. Discover now