Chapter 7

530 75 29
                                    


එක පිට එක ඔලුවට වැදුන දරුනු පහරවල් වලින් අඩපන වේගෙන ආපු මන් පරඬැලක් වගේ බිමට ඇදගෙන වැටුනෙ මගෙ අන්තිම සිහියත් මගෙන් ඉවත්ව යද්දියි.එතනින් එහාට සිද්ද වුන හැමදෙයක්ම කළු සිදුවීම්......

සීතල වතුරෙන් මාව නෑවිලා යද්දි දරාගන්න බැරි වේදනාවක් ඇග දිගේ දුවන්න පටන් ගත්තා.ඇස් ඇරගන්න බැරි තරමට බරයි.ලාවට පෙනෙන චායාවන් එහාට මෙහාට යනවා මන් දැක්කා.බෙල්ල උස්සලා බලන්න හදද්දි කොන්දෙන් උඩට කරන්ට් එක වදිනවා වගේ වේදනාතමක හිරියක් දැනෙන්න ගන්නවා.ඇස් අරිද්දි නලලෙ වම්පැත්ත  පුපුරලා යන්න ඔන්න වගෙයි තිබුනේ.හිමින් සැරේ ඇස් ඇරියම මුලින් වටේ හැමදෙයක්ම බොදවෙලා ටිකකින් හිමීට හරි ගියා.

මගේ දෙපැත්තෙන් කලු ඇදගත්ත අය විස්සකට වැඩිය ඉන්නවා.එත් මට උන්ගෙ මූනවල් හරියට බලාගන්න බෑ.එක දිගට ඇස් ඇරන් බලාගෙන ඉන්න අමාරුයි.සැරින් සැරේ වටේ කලුවේගෙන ඇස් පියවෙන්න හදනවා..මුලු ඇගම හිරිවැටිලා වගේ..මාව වැනෙනවා වගේ දැනෙද්දි  මට තෙරුම් ගියා උන් මාව එල්ලලා තියෙන්නෙ කියලා..මන් හිමීට ඇග හොල්ලන්න හැදුවත් මගෙ කකුල් හිරිවැටිලා.ඔලුවට උඩින්  අත් දෙක එකට ගැහගහලයි මුන් මාව එල්ලලා තියෙන්නෙ.පැය ගානක් මුන් මාව මෙතන එල්ලන් ඉදලා තියෙනවා.ඒකයි අත් දෙක හොල්ලන්න  හදද්දි බ්ලොක් වෙලා වගෙ දැනෙන්නෙ.

මගේ ලේ ගදට වඩා මෙතන පිලීගදයි.මේක ලොකු ගබඩාවක් තට්ටු දෙකක් තියෙනවා.උන් මාව පාලමක යටින් එල්ලලා තියෙන්නෙ. මන් මෙච්චර වෙලා දැක්කෙ උඩ කෑල්ලෙ ඉදපු උන් ටික විතරයි බිම බලද්දියි හරියටම දැක්කෙ එතන පනහකට ආසන්න පිරිසක් වැඩ කරනවා.මොනවහරි පටවනවා.තැනින් තැන ලොකු පෙට්ටි පුරවපු ට්‍රොලි තියෙනවා.උන් ඒවා ලොකු කන්ටේනර් එකකට පුරවන ගමන් ඉන්නේ.

මගෙ අවදානෙ බිදිලා ගියෙ දෙවනි වතාවටත් මූනට වැටුන වතුර පහර නිසයි.ඒක නොහිතපු දෙයක් නිසා ඇස් වලටයි නහයටයි වතුර ගිහිල්ලා ඇගේ වේදනාවට තවත් වේදනාවක් එකතුවුනා.උන් ගැහුවෙ අයිස් වතුර.මාලු පිලී ගදයි.සිතල වැඩිකමට කැස්සත් හැදුනා..

"ක්හැ..ක්හෑ..ක්ක්හැ.."

කැහැගන්නත් බෑ උගුර වේලුම් කාලා.තොල්පට පුපුරු ගහනවා.මුලු ඇගම සීතලයි.සීතල දරාගෙන හුරුවුනාට ඇගේ වේදනාවත් එක්ක මන් මේ වෙලාවෙ හොදටම දුර්වල වෙලයි උන්නේ.

ද්විත්ව (දෑගිලි ll)🦋💓Where stories live. Discover now