Chapter 15.

565 81 17
                                    

"ෆක්..ෆක්..ෆක්..කොහොමද යකෝ එහෙම වෙන්නෙ.."

"ආර්හ්හ්හ්...ඉවරයි ඔක්කොම විනාසයි.."

" දැන් කොහොමද...ආඅර්හ්හ්...ෆක්.."

" ඇයි උබලට බැරිවුනේ ඒක පරිස්සම් කරගන්න..උන් ඇවිත් ඒක කුඩු කරලා යනකම් උබලා කොහෙද #&&$& නි ඉදියෙ..මැරියන්..උබලා ජීවත් වෙලා වැඩක් නෑ..මැරියන්.."

" ආආආර්..එපා බොස්..අපෙ උන් අහිංසකයි.."

" සමාවෙන්න බොස්..අපි අපි..ආර්හ්.."

"එපාහ්..ආර්හ්..බොස්..අපි නෙමෙයි.."

" කටවහපා.....න්!!!.... මන් දන්නවා ඒ තොපි නෙමෙයි කියලා..උබලට මන් දුන්නෙ එක වැඩයි..ඒක බලාගන්නවත් බැරි තොපි ඉදලා වැඩක් නෑ මැරියන්..ඇයි යකෝ ඒක බේරගන්න බැරිවුනේ..ඇයි.."

" තේජු..මචං එපා අඩො..උන් අහිංසකයි.."

" මාව අතෑරපන් ශෙරිල්..උන් අහිංසක නෑ..උන්..උන්..ෆක්..මුන්‍ට බැරිවුනා..මාව අතෑරපන්.."

" තේජු කාම්ඩවුන් මචං..ගැහුවා ඇති මුන් මැරෙයි යකෝ ශෙරිල් ඔය සයිලංසරෙ ගනින් මාරාන්තික ගැහිලි මූ ගහන්නේ.."

"එරික් අතෑරපම් සහෝදරයා කියලා බලන්නෑ උබටත් කෙලිනවා...ඕක දීපන් ශෙරිල් උබ මැරුම්කන්න හදන්නෙ ඔය.."

"  රෙදි පටි කෑල්ලක් ගෙනෙම් මුගෙ කට වහන්න...තෙජූ කෑගැහුවා කියලා බයික් එක තිබුනා වගේ හැදෙන්නෑනෙ..ඒක නෙමෙයි තියෙන එකම බයික් එක..තව තුනක්ම තියෙනවා..එකක් තෝරගනිම් තව විනාඩි විස්සයි රේස් එකට.."

" වෙන ලබ්බවල් වැඩක් නෑ බල්ලො මගෙ කැමි නැතුව..මැරෙන්න හිතෙනවා ඒක දැක්කාම..ආයෙ හදන්නවත් බැ බන්..වෙන එකක් වැඩක් නැ යකො මට.
අවුරුදු දෙකක් චැම්පියන් වුනේ මෙකෙන්..ඒක නැතුව මට සෙල්ලම්කරන්න බෑ.."

මන් ඉන්න වේදනාව විස්තර කරන්න වචන මවන්න වෙනවා..මගෙ ලෝකෙම කඩාගෙන වැටුනා වගෙ දැනෙද්දි මෙතනින් එහාට මොකද්ද කරන්න ඕනි කියලා හිතාගන්න බැරුව ඉන්නෙ මන්..

හිතට අවුල් වගේ දැනුන නිසා ඊයෙ මන් ගාර්ඩ් එක වැඩිකරලත් වැඩක් වෙලා නැ..මොකා උනත් කරේ තිරිසන් වැඩක්..කොන්ද පන නැති අවජාතකයෙක්..ට්‍රැක් එකෙ තරග කරලා දිනන්න බැරි නිසාද උඹ දෙකයි පනාහෙ වැඩක් කරේ..

ද්විත්ව (දෑගිලි ll)🦋💓Opowieści tętniące życiem. Odkryj je teraz