Chapter 20

499 64 12
                                    

හවස් වරුවෙම නුවර වැව රවුම වටේ ඇවිදපු අපි ගෙදර ආවෙ කීයටද කියන්නවත් මන් ඇදට ආවේ කොහොමද කියලවත් මගේ ඇගේ තිබුන ඇදුම් මාරුවුනෙ කොහොමද කියලාවත් මන් දන්නෙ නැහැ..

වෙන්දා වෙලාවටත් කලින් ඇහැරුන මම මගේ එහාපැත්තෙ නිදාගෙන ඉන්න කොච්චර දැක්කත් එපා වෙන්නැති මන් ආසම රූපෙ දිහා ඇස් පිය නොහෙලා බලාගෙන ඉදියා..

තමන්ගෙ ආදරණීයා උදේ ඇහැරෙන වෙලාවට තමන්ගෙ එහාපැත්තෙන් නිදන් ඉන්නවා දකිද්දි දැනෙන හැගීම වචනෙන් මෙහෙමයි කියලා කියාගන්න නොතේරෙන හැගීමක්..හරියට මලක් පිපෙන දිහා හරි සංයමයකින් බලාගෙන ඉන්නවා වගේ...

මට සිංදුවක් මතකෙට එනවා..ගෙවුනු අවුරුදු තුනෙ හැම රෑකම  මගෙ හිත හදපු ඒ සිංදුව..ඒකෙ මන් ආසම කෑල්ල..

Memories with me and you...
All these lights are colored in by you
All these times are precious due to you
Four sеasons have passed with you
Four scents wеre left 'cause of you
All the reasons why I can laugh out
All the reasons why I sing this song
Thankful to be by your side now
I'll try to shine brighter than now

jungkookගෙ My You මගෙ ලග නැති මෙයාගෙ වටිනාකම එයා නැති තනිකමෙන් වැටුන හිත හදාගන්න උදව්වක් වුනා..අහම්බෙන් හමුවුන ඒ සිංදුව අවුරුදු තුනට ගණන් කරන්න බැරි වාරගණනක් මගේ කන්දෙක අස්සෙ රැව් දෙන්නැති..

ගෙවුනු ඍතුවන් මන් තනියෙන් දරාගෙන  අමාරුවෙන් හරි ගතකරා දැම්මා..අපේ මතකයන් හරි පරිස්සමට රැකගෙන ජීවත් වුනා..ඉතින් පාලුවෙන් ගෙවාපු ඍතූන් ලස්සන කරන කාලය ආයෙත් ඇවිදින්..ඉදිරියේදි අමතක නොවන මතකයන් එක්ක ජීවත් වෙන්න මන් පොරොන්දු වෙනවා..ගෙවෙන හැම තප්පරේකම මගෙ හදවතේ ඔයා ගැන තියෙන ආදරෙ වැඩි වෙනවා මිසක් අඩුවක් නම් වෙන්නෑ ඩැඩී..

පුංචි හාදුවක් ඒ නහය මතින් තියලා එයාගෙ නළලට වැටුන කෙස් ටික උඩට කරලා හිමින් සීරුවෙ මගෙ ඇගිලි ඒ කෙහෙරැලි අතරේ ටික වෙලාවක් එහාට මෙහාට අරන් ගිහින් අත අයින් කරන්න හැදුවත් එයාගෙ ශක්තිමත් අතක් මගේ අත එහාට වෙන එක නවත්තලා ආයෙමත් ඔලුවෙන් තියාගත්තා..

" අතගාන්නකො බබා...සනීපයි.."

එයා ඇහැරිලා..සමහර විට මගෙ ස්පර්ශෙට ඇහැරෙන්නැති..

ද්විත්ව (දෑගිලි ll)🦋💓Where stories live. Discover now