Chapter 14

496 80 32
                                    


මාම්ගෙන් බේරිලා කෙලින්ම ඩැඩීගේ රූම් එකට දුවලා ගිහින් දොරේ හැන්ඩ්ල් එක කැරකෙව්වත් දොර ඇරුන්නැ..

මේ මොකද??
කවදාවත් නැතුව..??

එයා තරාහින්ද..දොරට තට්ටු කරලා කතා කරන්න හැදුවත් හිත කිව්වේ එයාට පාඩුව ඉන්න දෙන්න කියලා..දොරට නළල තියන් තප්පර ගානක් උන්නු මන් බර සුසුමක් හෙලලා ආපහු එන්න ආවා..

මගේ රූම් එකට යන්න හිතක් නැති හන්දා බැල්කනි එකෙ දොර ඇරන් එලියට ඇවිත් සෝෆා එකෙව් වාඩිවුනා..

වටේම අන්දකාරෙන් වැහිලා..ඉස්සරහින් තියෙන ගඟේ එහාපැත්තෙ ඉවුරේ තියන ගෙවල් වල තාමත් ලයිට් දාලා..සමහර ගෙවල් වල එක ලයිට් එකක් පත්තු වුනා..ගඟ තියෙන්නෙ ගෙට අල්ලපු පැත්තෙත්..බැල්කනි එක තියෙන්නෙ ගඟට මුහුණලා..

මේ හුළග හරි සිසිල්..රැහැයියෙක්ගේ ගෙම්බෙක්ගේ නාදයක් ඇරුනම මුළු පරිසරයම නිෂ්ශබ්දයි..ගස්වැල් සුලගට ලතාවකට සෙලවෙනවා.. පිනි වැටිලා..බැම්ම උඩ තෙතයි..

සද රහිත අහසක්..අද අමාවකද??

මට වගේම අහසටත් සඳ අහිමි වෙලා..
එයත් තනියෙන්..මන් වගේ..

සඳ නැති අහසේ තනි මැකුවෙ තරු විතරලු..
එත් මගේ සඳ නැති අහසෙ තනි මකන්න කෝ තරුවක්...

Earbuds දෙක කනේ ගහගත්තු මන් සින්දුවක් දාලා සෝෆා එකේ ඇස් වහගෙන හාන්සි වුනා..

ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විදගන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම
කවදාද ඔබ එන්නෙ
පිනි බින්දු මල් වැහි අරන්

සද මිතුරි
සිත මිහිරි
කල මැනවි
බිදු කදුලු
පිනි පොකුරු
කල මැනවි

මට මම ම වී ඉන්න
ලෝකෙන් ඉදක් නොදෙන
ඈතට වෙලා අපිම අපි වී ඉතින්
නව ලොවට
මුල් අනු දෙන්න
මිල නොවන පෙම් කවිය පබඳින්න
පිනි වැස්ස වස්සන්න
මද්දහන තෙත් වෙන්න
ආදරය දලු ලන්න
මිහිකත මතින්
සිහිනෙ සනහා
කිරණින් දැවෙනා

ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විදගන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම
කවදාද ඔබ එන්නෙ
පිනි බින්දු මල් වැහි අරන්

ද්විත්ව (දෑගිලි ll)🦋💓Where stories live. Discover now