Chapter 12

481 74 30
                                    

Bonus 👉👈

"තාත්තී..රශීට අයීක්කින්..අයික්කීන් ඕනිනේ.."

" දැන් බෑ පුතා..තාත්ති එනගමන් අරන් දෙන්නම්ක්කො.."

"අනේ බෑ මට ඕනි ඕනි ඕනිමයි..අනේ තාත්ති අලන් දෙන්නකෝඕඕ.."

අවුරුදු තුනේ මන් තාත්තිගෙන් අයිස්ක්‍රීම් ඉල්ලලා අඩද්දි  ඩ්‍රයිව් කරගෙන ආපු එයා වාහනේ අයිනකින් නවත්තලා මාව තියලා අයිස්ක්‍රීම් ගේන්න ගියා..

"පුතූ තාත්ති එනකන් ඔහොම ඉන්න දග නොකර..තාත්ති එහාපැත්තට ගිහින් අයිස්ක්‍රීම් අරන් ඉක්මනින් එනවා හොදද.."

" හා තාත්තී රශී ගුඩ් බෝයි..අයික්කීන් ගුඩාලික ගේන්න හොදේ.."

"හරි මගේ රත්තරන් වාහනෙන් ඉන්නකෝ.."

තාත්ති පාර එහාපැත්තේ අයිස්ක්‍රීම් ශොප් එක ඇතුලට ගියා..මන් ඉදියෙ ටැබ් එකේ වීඩියෝස් බල බල..ජුරාසික් වර්ල්ඩ්    ටැබ් එකේ ප්ලේ වෙද්දි පොඩි කමට මන් පන්ඩිතයා වගේ මිනිස්සු කන සත්තු දිහා හිනාවෙවී බලා උන්නා..

ඒත් එකපාරට අපේ වාහනේ ඉස්සරහින් නවත්තපු බයික් එකෙන් බැහැලා ආපු යක්ෂ වෙස් මූනක් දාන් ඉදපු මිනිහෙක් මගේ පැත්තට ඇවිත් තට්ටු කරද්දි ඒ මිනිහාව දැකපු මම ගැස්සිලා බයවුනා..ගල් මිටියක් අතේ තියන් ආපු ඒ ඌ ශටර් එක කුඩුකරන්න ගහපු පාර ග්ලාස් එක ඉරි තැලුවා..ඒත් එක්කම මන් බයේ ඩ්‍රයිවින් සීට් එකට පැන්නා..දෙවනිපාර ගල් මිටිය ග්ලාස් එකෙ වැදෙද්දි වීදුරුව කොටු කෑලි වලට කුඩු වෙලා විසිවුණා..

බයටම මට කෑගැහිලා ඇඩෙද්දි ඌ කැඩුනු වීදුරුවෙන් අතදාලා මාව ඇදලා ගන්න බැරිපාර ලොක් එක පන්නලා දොර ඇරියා..

" තාත්තී..හුවෑ තාත්ති..නකෙක්..තාත්ති නකෙක් ආවෝ..රශී බයයි තාත්තී..එන්නකූ තාත්තී.."

" එපා එපා යන්න..ඌහ්..අතායින්න..තාත්තී එන්නකූ එපානේ..එපානේ..රශීව අල්ලනවා තාත්තී එන්නකූ.."

දොර ඇරපු ඒකා මගේ කකුලෙන් ඇදලා ගද්දි පොඩිකමට මන් ඒකාට ගැහුවා..අතේ තිබුන ටැබ් එකෙන් දමලා ඇරියා..වෙස්මූන නිසා උගේ මූනට ගහපු පාර වැදුන් නෑ..ඌ ඇතුලට ඇවිත් මාව වඩාගෙන යන්න හදද්දි මන් ඒකාගෙ ඇහැට ඇගිල්ලෙන් ඇනගෙන ගියා..ඇහැට ඇනපු පාරට උගෙ අතින් මාව අතෑරුනෙ ස්ටියරින්ග්වීල් එකෙ මගේ ඔලුව වැදෙද්දියි..

ද්විත්ව (දෑගිලි ll)🦋💓Onde as histórias ganham vida. Descobre agora