Chapter 9

513 64 33
                                    


ක්ලබ් එකෙ ප්‍රයිවට් ඒරියා එකට වෙලා ඉස්සරහට එන්න තියෙන ඩීල්ස් ටික ශෙරිල් එරික් එක්ක චෙක් කරපු මම දුෂ්මන්තාගෙ ගෙදරින් උස්සන් ආපු ෆයිල් එකෙ ඩීටෙල්ස් ටික අතට එනකන් මග බලාගෙන ඉදියා..

බලාපොරොත්තුවුන තරම් විස්තරයක් එකේ නොතිබුනත් එයා  කවුද කියන්න තහවුරු කරගන්න ඒ තොරතුරු සෑහුනා..ඒ තොරතුරු වලට අනුව සමාජෙට පෙන්නන් ඉන්න මූණ තමයි එයාගෙ හැබෑ මුහුණ කියලා විශ්වාස කරන්න පුලුවන් වුනා..........ඒත්..ඇයි මට හිතෙන්නේ මේක මගෙ අතට එන්න තිබුන ෆයිල් එකක් කියලා..එයා මේක ඕනකමින් ලොකර් එකේ දැම්මා වෙන්න බැරිද.

නෑ දුෂ්මන්ත්..මේ ඔයා නෙමෙයි..ඔයාට තව මුහුණක් තියෙනවා..මේක නෙමෙයි ඔයාගේ සැබෑ මුහුණ..ඒත් ඇයි ඒක හොයාගන්න මෙච්චර අමාරු..මොකද්ද මේ හැංගුන රහස..

ඇත්තටම ඔයා කවුද??
The Masked Prince...

"තේජු.."

"ම්ම්ම්ම්"

" උබ අපිටත් නොකියා ගිය මගුලෙන් හොයාගත්තුවා වැඩක් වුනාද ඉතින්.."

" හිතුව තරම් දෙයක් තිබුන්නෑ..ඩාර්ක් වර්ල්ඩ් එකට අයිති විස්තර විතරයි තිබුණේ..සමහර එවා අපි දන්නවනෙ..වැඩකට ඇති දේකට වුනේ අර වදකාරයාව අයින් කරලා දාන්න පුලුවන් වුන එක.."

"ඔය ඇටකිජ්ජ හොයාගන්නද තෝ අච්චර ගුටිකෑවෙ..අනෙ අම්මපා උබ නම්..මුරන්ඩු කමේ උල්පත උබ..බලපන් ඇති වැඩක් තියෙනවද ඔය ටිකෙන්.."

" බොරුවට කෑනොගහා ඉදපන්..මන් ගිය එක අපරාදයක් වුනේමත් නෑ.."

" ඒකිව්වේ??.."

" ඒකිව්වෙ මේකයි.. එයාගෙ ලොකර් එක අදිද්දි ඒකෙ තිබුන තව දේකට මගෙ ඇස් ගියා..ඒක.. Black Eagle seal letter එකක්.."

" What..seriously.."

"ම්ම්ම්.. ඒකම ඇති එයා ගැන සැක කරන්න..බලමුකො..විලේ ගැඹුර බලන්න නම් විලට බහින්න ඕනා කියලා කියන්නෙ.."

" ඒ ලෙටර් එක දෙන්නෙ තෝරගත්ත කට්ටියට..ඒකියන්නෙ දුෂ්මන්ත්..."

"හ්ම්..වෙන්න පුලුවන්..අපි බලමුකො.."

" තේජු..මේක සැහැල්ලුවට ගන්න බෑ..උබ පරිස්සම් වෙන්න ඕනි..උබේ මුරණ්ඩුකම් නිසා අනතුරේ වැටෙන්න හැදුවොත් මට සිද්ද වෙනවා සහෝදරකම පැත්තක දාලා උබව හිරකරන්න.."

ද්විත්ව (දෑගිලි ll)🦋💓Where stories live. Discover now