Chapter 11

507 64 43
                                    

" ඩැඩීඊඊඊඊහ්හ්..තේජූ ආවනේඒඒඒ..."

ජීවිතය හා මරණය අතර සටනක ඉදලා යාන්තමෙන් පන බේරන් ආවා වගේ මහන්සියක් , අමාරුවක් , වේදනාවක් මගේ ඇතුලාන්තය දවාගෙන යද්දි ගෙට ඇතුල් වුන මම රූම් එකට දුවන් ගියේ බඩේ අමාරුවට දුන්නා සිද්දාලේප අසමෝදගන් වගේ ක්ෂනයෙන් අමාරුකම් වාෂ්ප කරවන්න පුලුවන් බලයක් ඇති මගේ මහා අමෘතය හොයාගෙනයි...

මේ ඉන්නේ..හෙලයේ මහා ඍෂි ඇමති ඩැඩියානන්ද..සැරදේවා උතුමාණෙනි...

කෑගහගෙන දොර ඇරන් ඇතුලට කඩන් පාත් වුන මන් අවසානෙදි නතර වුනේ ඩැඩියාගෙ ඇගේ ගස් ගෙම්බෙක් වගේ එතිලා..අනේ...නිවන් ගියා වගේ අප්පා...සනීපයි..

"මහන්සිද බබාට.."

"ඔව්නේ..බබාට මහන්සීනේ ඩැඩී.."

"හ්ම්..බබා වොෂ් දාන් එන්න..බඩගිනිද...මොනාද හදලා ඕනී.."

"ඩැඩියෙක් කන්න තරම් බඩගිනී අප්පා..කොහෙද ඉතිම් අපිට නෑනෙ එහෙම වරම්..ඇයි අද මාම් කෑම හැදුවෙ නැද්ද.."

" ඒ බඩගින්න නම් උබට අවුරුදු ගානක ඉදන්නෙ තියෙන්නෙ..දන්නැද්ද මාම් ගැන..අදත් මොනවද මගුලක් යුටියුබ් එකෙන් බලාගෙන හදලා කටේ තියන්න බෑ..රැටටුයිද මොනටුයුද මොකද්දො නමක්..ඒක හරියට ඤානකතාවක් උඩට සෝස් හලලා වගේ..කෝ ඉක්මනට වොෂ්දාන් එන්න.."

ඩැඩී මාම්ගේ සූපශාස්ත්‍රය අගයලා කියද්දි බලන්නෙපැයි ඒ මූනේ අපූරුව..වාහනේකට යටවුන ගොම්බෙට්ටක් වගේ..අපේ මාම්ට දේශීය කෑම ඕන ලබ්බක් ටොපට හදාගන්න පුලුවන්..ඒත් විදේශීය කෑම ගැන නම් කියලා වැඩක් නෑ..මන් නම් කොහොමහරි නොකා ශේපෙට බේරෙනෝ..එත් අසරන පපා..පිගානෙ ඇබිත්තක් ඉතුරු නොවෙන්න පපා කනකන් මාම් ලගට වෙලා බලාන ඉන්නවා..ඇත්ත වශයෙන්ම පපා පව්..සම්මාන පිට සම්මාන දෙන්න වටින මනුස්සයෙක්..මාම් එක්ක ඉන්න එකත් පුදුමයක්..ආදරෙ අන්දයි කියන්නෙ ඕක තමා..අන්දයි කියලා සූකිරි කියලා අගුරු වුනත් කන්න බැරි නැ..අනේ අම්මෙ මම නම් එහෙම හුලං ගහන්න දෙන්නෑ..මගේ වාසනාවට ඩැඩියාට ඕන මගුලක් කන්න පුලුවන් විදියට උයාගන්න පුලුවන් වුනේ..

එයාගේ ඇගේ එල්ලිගෙන උන්නු මම ඒ කම්මුලට හාද්දක් තියලා මග දිගට ඇදුම් ගලෝගෙන වොශ්රූම් එකට ගියා..ඇතුලට එද්දි ඇගේ ජොකා විතරයි..ඒකාලෙ පුරුදු දැන් මගෑරගන්න බෑ..හැබැයි ඉතින් මන් එලියට එනකොට බිම තිබුන ඇදුම් එයා කූඩෙට දාලා තියනවා..

ද්විත්ව (දෑගිලි ll)🦋💓Where stories live. Discover now