chapter - 3 ( නිව් ගායි ෆෝ ද ෆැකල්ටි😁🌝❤)

55 11 19
                                    

After one week_

Neha's pov_

මේ දවස් වල පට්ට බිසී. ලෙක්, එසයිමන්ට්, එක්සෑම් වගේ දේවල් නිසා මේ සතියම හිර වෙලා හිටිය මං අද තමා නිදහස් වුණේ. අපේ ප්‍රොෆා ඔප්පා ඉන්නෙත් management faculty එකේම තමා. අපිට එයා උගන්නනවා. අපෝ එපා වෙනවා එයත් එක්ක. කොච්චර ශෝක්ද කියනව නම් දකින දකින තැන michin කියලා කෑ ගහනවා. අම්මපා තඩි පොල්ලක් තිබ්බනම් ගහනවා ඔලුව පැලෙන්න. ඇයි යකෝ. මට පිස්සි කියන්න. ඔව් ඉතින් එදා පිස්සෙක් වගේ උඩ පැන පැන ගියා තමා. ඒම කියලා michin ගගා ඉන්න ඒ මනුස්සයා michin කෙනෙක්ද😒

අද අපි නිරූ ලගේ ගෙදර යනවා. එහේ ඉතින් පාටියක්. මං ඔම්මා, අප්පා, උන්නි එක්ක එහෙ ගියේ ගොඩ කාලෙකින් නිරූලගේ ගෙදර ගිය නිසා. ඉස්සරනම් ඉතින් පදිංචිය එහේ තමා. High-school කාලේ දවසම ගෙව්වේ එහේ. යද්දි ඉන්නවා ගෙම්බියො දෙන්නා. ඉදහන් දෙන්න අද. ගහන්නේ කැම්පස් කාඩ් එකෙන්😏

" ආ ගල් බනිස් ඇන්ඩ් ටෙන්ඩු කරත්තේ"

" කවුද යකෝ ගෙවල් ඇතුලේ කැම්පස් කාඩ් එකෙන් කතා කරන සුනඛයා🤧හප්පට මේ උබ ද? ඇන්ටිලත් ඉන්නවා. කෝමැයි ඇන්ටි. මේ ඒක නෙවෙයි. තොට කියලා තියෙනවා ගෙදර කැම්පස් කාඩ් එකෙන් කතා කරන්න එපා කියලා." විනි

" තොපේ වැඩ හින්දා තමා මං ගල් බනිස් වුණේ. සුනඛයො දෙන්නා." නිරූ

" මට බෑ බං😂" විනි

" දීපන් අත😂"

" ආ මල් බාල්දි😂" විනි

" යකෝ මගේ කැම්පස් කාඩ් එක අවභාවිත කරනවා කියලා මං තොපි දෙන්නට නඩු දානවා🤧"

" වහප් කට" නිරූ

" දැන් කියන්නකො ඔය කාඩ් හැදුනේ කෝමද කියලා" ප්‍රොෆා

" මං කියන්නම් මුන් දෙන්නගේ දෙක😁😌"

සභාවෙන් අවසරයි, අද මා මෙතනට පැමිණියේ විනි ටෙන්ඩු කරත්තේ වූ ආකාරයත් නිරූ ගල් බනිස් වූ ආකාරයත් පැවසීමටයි.

එක- විනි

එක්තරා දවසක සෝල් ජාතික විශ්වවිද්‍යාලයේ පලමු වසරේ සිසුවියක් වන kim vini තම යෙහෙළියන් දෙදෙනා සමග යන අතරමග කම්මැලිකමට සිංදු කියමු කියා සිංදුවක් කීමට පටන් ගත්තේය. ඇය පැවසූ ගීතය නම් " පාන්දරින් ඉස්කෝලෙට ටෙන්ඩු කරත්තෙන්, පුල්ලි ගොනා ඉස්සරහින් මං පිටි පස්සෙන්"😂😂 එවිට ඒ අසලම සිටි ජ්‍යෙෂ්ඨ උත්තමයෙක් පැවසුවේ " ටෙන්ඩු කරත්තේ නෙවෙයි බං ටැන්ටු කරත්තේ අනිත් එක පුල්ලි ගොනා නෙවෙයි තොප්පි ගොනා" කියායි. එදා සිට ඇය ටෙන්ඩු කරත්තේ නමින් ප්‍රකට වූයේ ය.

《♡ Future Husband ♡》Where stories live. Discover now