chapter - 16 ( ඔන්ලි මයින්😌😒✋)

16 2 0
                                    

Neha's pov_

අපේ හැතිකරේ මේ දවස් වල අපේ ගෙදර ආක්‍රමණය කරලා ඉන්නෙ. මං නිකන් ඉන්නෙ පිට එකා වගේ. අපෙ ඔම්මටත් මාව මතක නෑ දැන්. ඒත් මගෙ මිනිහට මාව මතකයිනෙ ඒ ඇති. ඊයේ අපේ ඔම්මගෙ හැපි බර්ත්ඩේ එකනෙ. ඔන්න ඊයෙ මගෙ මිනිහ මට ප්‍රපෝස් කරා. දෙයියනේ කියලා හාට් ඇටෑක් හැදෙන්නෙ නැතුව බේරුනා. ආහ් තව අපේ කුකියත් දැන් රියා කෙල්ලත් එක්ක සේප් එකෙ ඉන්නවා. කෙයා කරන්නෙනම් නැති තරම්. ඒත් ඉස්සර වගේ රන්ඩු නම් නැහැලු. ඒකත් හොදට ගියා.

අපේ විනියයි ටේයි හෙන වෙනස් මේ දවස් ටිකේ. Zeng මට කිව්වෙ නැති උනාට මං දන්නවා zeng මෙතන වෙන හැමදේම දන්නවා. කොහෙද අපෙ මිනිහට මාව විශ්වාස නෑනෙ. අනේ ඕන මගුලක් කියන්න හිතුනම කියන්නෙ නැතෑ. තඩි මනෝපාරක් ගහගෙන හිටිය මම උඩ ගිහින් බිම වැටුණේ ඔලුවට වැදුන දඩාර පොත් පාරට. අම්මා මුත්තා මතක් වෙද්දි කට ලත් තැන ලොප් උනේ හිටපු මිනිහා දැකලා. මෙතන ඔය කුනාරප සෙට් එක කිව්වනම් පොත් පාරක් නෙවෙයි කන්න වෙන්නෙ. ඔළුව හිල් වෙන්න පොල් ටොක්කක්.

"ඇයි අප්පා ඔලුවටම ගහන්නෙ."

" මනෝ ලෝකෙ ලොකූ trip එකක හිටිය නිසයි ගැහුවේ"

"නෑ zeng මං මේ කල්පනා කරේ ඔයා දැන් මට ආදරේ නෑ අප්පා. බැලුවොත් ගහනවා. හැබැයි කැම්පස් එකෙ ඉන්න කෙල්ලො තොදොල් කරන විදිහ බලන්නෙපැයි"

" ඔයා වගේ විසි පහත් පැනපු කෙල්ලෙක් වගේද අනේ විස්සෙ කෙල්ලො"

" ආ ඇත්තද මහත්තයෝ. තමුසෙට මම-"

ඒකාගෙ අතේ තිබ්බ තඩි පොතෙන්ම හයේ පාරක් දමලා ඇරපු මං අතට අහු වෙච්ච හැම මගුලෙන්ම දමලා ගැහුවා. දැක්කා නේ මේ මිනිහා කිව්ව කට කැඩිච්ච කතාව. කිව්වත් වගේ හොයාගෙනද දන්නේ නෑ කොහේ හරි ඉන්න ඉසකුඩිච්චියක්. අනේ මේ මිනිහනම්. ගහන්න නෙවෙයි මරන්න වටින්නෙ.

" ඒ ඒ නේහා ඕක නවත්තන්න අප්පා ඔය වටෙයි ආව් රිදෙනවා හලෝ"

රිදෙන්වා හහ් රිදෙනව තමයි රිදෙන්නනෙ ගහන්නෙ. හරිනෙ හරිනෙ ඔය කරෙ යස වැඩක්. අපෙ මිනිහා හරි කපටි අප්පා.

"යාහ් zeng මාව බිමින් තියනවා"

"බෑ මොනා කරන්නද?"

You've reached the end of published parts.

⏰ Last updated: Feb 16 ⏰

Add this story to your Library to get notified about new parts!

《♡ Future Husband ♡》Where stories live. Discover now