chapter 14 - (සෝල්වින්ග් ප්‍රොබ්ලම්ස් විත් හිම්❤️🤧)

21 6 0
                                    

After 3 months_

"නේහා ඔයාට letter එකක් ඇවිත්"

"ඔම්මගෙන්!"


ආදරණීය නේහා වෙත,

දුව,ඔයාට ඔම්මයි අප්පයි චුට්ටක්වත් මතක් වෙන්නේ නැද්ද?අපේ අතින් වැරැද්දක් වුණා,ඒක අප්පයි මමයි පිළිගන්නවා.ඔයාට ආපු ප්‍රපෝසල් වලින් එකක් තෝරගන්න කිව්වේ ඔයාගෙම අනාගතේ ගැන හිතලා.ඔයාගේ හැමදේටම පුංචි කාලේ ඔයා ළග හිටපු ඔයාගේ ඔප්පත් ඔයාව දාලා ගියාම ඔයා ගොඩක් ඇතුලෙන් කඩන් වැටෙනවා කියලා හොදටම දන්නවා.ඔයාගේ ඔප්පා ඔයාව දාලා ගිහින් දැන් මාස 6ක්.අප්පා දැන් හොදටම අසනීපෙන් ඉන්නේ පුතේ...එයාට ඔයාව බලන්න ඕනෙලු.හැමතිස්සෙම කියන්නේ ඔයා ගැන.මං දන්නවා දැන් ඉතින් ඔයාට ප්‍රපෝසල් හොයන්න ඕන නැති බව.මොන දේ වුණත් මං දන්නවා ඔයා ගන්නේ හරි තීරණයක් කියලා..ඉතින් ඔය හැමදෙයක්ම පිළිවලක් කරගන්නත් එක්ක ඒ දරුවත් එක්කම මෙහෙ ඇවිත් යන්න..ඔයාගේ ඔම්මයි අප්පයි ඔයාට ගොඩක් ආදරෙයි❤️...පරිස්සමෙන්!

ඔම්මා......

"අපි අදම එහෙ යමු නේහා..."

"මං ආස නෑ zeng ආයි ඒ ගෙදරය යන්න"

"මොන දේ වුණත් ඒ ඔයාගේ ඔම්මයි අප්පයි නේහා.ඔයාට යුතුකමක් තියෙනවා ඒ දෙන්නව බලා ගන්න.වුණ දේවල් අමතක කරන්න..ඒ දේවල් වෙලා ඉවරයිනේ..."

"හරි ඔයා කියනවනම් අපි යමු"

Few hours later_

Neha's pov

Zeng කියපි දේ ඇත්ත.මාස කීපයකට කලින් වෙච්ච දේවල් ඇරුණුකොට අද වෙනකන් ඒ දෙන්නගෙන් මට වැරැද්දක් වෙලා නෑ..ඉතින් මට ඒ දෙන්මට සමාව දෙන්න බැරි කමක් නෑ..

අන්තිමට මාස 6කට පස්සේ ඒ මතක ගොන්නක් පිරුණු ගෙදරට මං ආයි අඩිය තිබ්බා..පුංචි කාලේ ඔප්පයි මායි රණ්ඩු වුණ ඒවා,සෙල්ලම් කරපු ඒවා එක පෙළට මගේ ඔළුවට ආවේ කොහෙවත් තිබ්බ හිසරදයකුත් අරගෙන..ඒත් එක්කම දොර ඇරගෙන එළියට ආවේ ඔම්මා..

"චූටි දුව"

"ඔම්මා"

ගිය ගමන් ඔම්මව බදා ගත්තේ කාලෙකින් ඒ නොලැබිච්ච උණුහුම අතුරේ විදගන්න.ඔම්මා මාවයි zeng වයි ඇතුලට එක්කන් ගියා..

《♡ Future Husband ♡》Where stories live. Discover now