At morning
"බබා දැන් හොදටම ඇති නිදාගත්තා..කෝ නැගිටින්න නැගිටින්න.."
"අනේ මමා තව විනාඩි පහක්..."
"තව විනාඩි පහක් ඉදලා ගිහින් බස් එක පරක්කු වුනොත් පයින් හරි කොලේජ් යන්න ඕනි ජාන්..මං නොකිව්වයි කියන්න එපා.."
"ම්හුක්..මට බැ අයියෝ..අනේ අද ගෙදර ඉන්නම්කො.."
"නැ නැ..අදනම් කීයටවත් ගෙදර ඉන්න බැ..යන්නම ඕනි..කෝ කෝ..ලැස්ති වෙලා ඉක්මනට එන්න කෑම කන්න.."
"අනේ මමා..."
"ජාන්..මේ මං කතා කරන අන්තිම පාර..ඊලගට මං ආයේ එන්නේ කොස්ස අරන්..."
"හරි හරි.."
මොන මගුලකටද මංදා මේ කොලේජ් මෙච්චර උදේම පටන්ගන්නේ..ඇයි වදේ නිදාගන්නවත් නැ..
වෙනදා වගේම අදත් කොලේජ් දවසක්..ඉතින් මේ ලැස්ති වෙන්නේ දුවන්න..
දුවන්න..?
ඔව් ඉතින් පරක්කු වෙලා ඇහැරියම වෙලාවට යන්න ඕනි නම් දුවන්නවත් ඕනිනේ...
ආහ් මං කවුද කියලා කිව්වේ නැනේ..මගේ නම Xiao Zhan..ෂැංහයි කොලේජ් එකේ අන්තිම අවුරුද්ද..ඊටපස්සේ යුනිවර්සිටි..නිදාගන්න නැ..හුම්..
කොහොම කොහොම හරි මමාගේ කරදරෙන් බේරෙන්න බැරුව අමාරුවෙන් නැගිටලා ටක්ගාලා ලෑස්ති වෙලා කටට දෙකට බත් ටිකකුත් ගිලලා පාරට දුවගෙන ආවා..අම්මෝ හරි මහන්සි..කාපු ගමන් දිව්ව පාර බඩත් කොර වෙලාද කොහෙද..
"ආයියා බස් එක..දෙයියනේ යන්නද හදන්නේ..අනේ ඇන්ටි අයින් වෙන්න අයින් වෙන්න..බස් එක යන්න හදන්නේ.."
මේකේ ගියේ නැත්තම් ආයේ යන්න විදිහකුත් නැ..ගෙදර ගිහින් මමාගේ ලෙක්චර්ස් අහනවට වඩා පයින්ම හරි කොලේජ් එකට යන එක හොදයි...අපේ කොලේජ් එක සුපිරි ගණයේ එකක් වුනත් මොන මොලේකට හිතිලද දන්නැ හද්දා කැලේක ඒක හදලා තියෙන්නේ..නැ නැ එහෙම නෙවෙයි ඒ වුනාට ඇයි දන්නේ නැ එච්චර දුරක හැදුවේ..කොච්ච්ර දුරක වුනත් ඒකට එන ලමයින්ගෙන්නම් කිසිම අඩුවක් වුනේ නැ..ඊටත් පරක්කු වෙලා ගියොත් සර්ට වඩා අමාරුව සිකුරිට්ටට..ඌ කීයටවත් ඇතුලට යන්න දෙන එකක් නැ..වයි ගෝඩ් ඔයා මටම මෙහෙම කරන්නේ..
YOU ARE READING
𝐘𝐨𝐮𝐫 𝐞𝐲𝐞𝐬 👀 [Yizhan Completed]✔️
Fanfictionඇස්... ඔව් ඔය ඇස් මට මාවම අමතක කරවපු මට මාවම මග ඇරවපු මාව මා තුලම යදම්ලූ.. ඔය ඇස් දැන් මේ හිනාවෙන්නේ.. මගේ හද ගැස්ම රැදිලා තියෙන්නේ ඔය ඇස් අස්සේම බව දැනගෙන නේද.. සත්තකින්ම ඔව් මේ පපුවේ ගැස්ම ඔය ඇස් ම විතරක් නිසාම.. මම රකිනවා මගේ ඇස් තරමට ම ඔය ඇස්...